• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට සාපයක් වී ඇති දූෂණය,නාස්තිය වැළැක්වීමට පිටුදැකීමට පරිපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – අගමැති

25 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරිපාලන ප්‍රතිසංස්කරණ වැදගත් වන්නේ ඵලදායිතාව ප්‍රවර්ධනයට හෝ දූෂණයට එරෙහිවීමට පමණක් නොව, අපේ රටට සාපයක් වී ඇති නාස්තිය, උදාසීනත්වය සහ ගුණාත්මක අතින් බාල නිෂ්පාදන පිටුදැකීම සඳහා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා නවෝත්පාදකයින්ගේ සංසදයේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නවෝත්පාදකයින්ගේ සංසදයේ මෙම සමාරම්භක උත්සවය සංවිධානය කරන ලද්දේ ගාමිණී කොරයා මහතාගේ පුද්ගලික ධනය උපයෝගී කරගනිමින් පර්යේෂණ සහ ධාරිතා සංවර්ධනය තුළින් රටේ ප්‍රතිපත්ති සම්පාදනය සහ කළමනාකරණ පද්ධතියට සහාය වීම සඳහා පිහිටුවන ලද ගාමිණී කොරියා පදනම (GCF) විසිනි.

අග‍්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී ගාමිණී කොරයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය අවසානයේ එතුමා දරිද්‍රතාවයෙන් පෙළුණු ගමින් ගමට යමින් ජාතිය ගොඩනැගීමේ මෙහෙවරෙහි යෙදුණු ආකාරය විස්තර කළේය.

ශ්‍රී ලංකාව පුරා සංචාරයේ යෙදුණු ඔහු “තරුණ වයසේදීම සැලසුම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වෙමින්, එම යුගයේ රජයන් සමග දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සංවර්ධන වැඩසටහන් දියත් කිරීම සඳහා කැපවී කටයුතු කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අද රටේ සංවර්ධනය සම්බන්ධයෙන් අප මුහුණ දී සිටින පෙර නොවූ විරූ අභියෝගය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය නිසා සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස භාණ්ඩවල මිල ඉහළයාම පිළිබඳව අගමැතිවරයා වැඩිදුරටත් විස්තර කළේය. “මෙම තත්වයට හේතු රාශියක් බලපා තිබෙනවා. මූලික හේතුව ආනයන ධාරිතාව නොමැතිකමයි. ණය ලබාගෙන දීර්ඝ කාලයක් මේ තත්ත්වය කළමනාකරණය කළත් අවසානයේ බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදු වුණා. පසුගිය මාස නවය තුළ අපි ණය දෙන්නන්ගේ විශ්වාසය නැවත ලබාගෙන තිබෙනවා. ඒ විශ්වාසය තහවුරු කර ගැනීමට නම්, ණයට ගත් මුදල් හොඳින් ආයෝජනය කළබව අපි ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. එය කළ හැක්කේ තාවකාලික පියවර ලැයිස්තුවක් විස්තර කිරීමෙන් නොව කෙටි, මධ්‍ය කාලීන සහ දිගු කාලීන, ස්ථාවර සහ විස්තීර්ණ සැලැස්මක් ඉදිරිපත් කිරීමෙන් පමණයි.

වෙළෙඳපොළ බලවේග ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. “මේ සම්බන්ධයෙන් ප්‍රධාන පියවර වන්නේ විනිමය අනුපාතිකය නිවැරදි කිරීම සහ වෙළෙඳපොළ යාන්ත්‍රණයේ කාර්යක‍්ෂමතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා බදු ගැලපීම් කිහිපයක් සිදු කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය ලෙස වෙළඳපොළ කාර්යක‍්ෂමතාව සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉදිරි මාවත පෙන්නුම් කරනවා“.

අග‍්‍රාමාත්‍යවරයා දරිද්‍රතාවය පිටුදැකීමේ වැඩසටහනට සහය වීම සඳහා අර්ථාන්විත ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණවල වැදගත්කම ප‍හදා දුන් අතර එම වැඩසටහන්වල ප්‍රතිලාභීන්ට වාසිසහගත වන අයුරින් ඒවා ප්‍රමාණාත්මකව හා ප්‍රතිපාදන ලබාදීම අතින් වැඩිදියුණුකිරීම සිදුවිය යුතු බව අවධාරණය කළේය.

දිළිඳුකම පිටුදැකීමේ අර්ථවත් වැඩසටහනක් සකස් කිරීමට ගාමිණී කොරයා පදනම ගෙන ඇති උත්සාහය අගය කළ එතුමා එහි ප්‍රතිලාභ සමාජයට ලබා ගැනීම සඳහා එම වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය. සමස්ත පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලද අතර, නිෂ්පාදනයේ දී සිදුවන නාස්තිය, උදාසීනබව සහ බාල නිෂ්පාදන පිටුදැකීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. “සමස්ත පාලනයට අදාළ ගැටළු විසඳීමෙන් තොරව පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැක. යහපාලනයේ මූලික මූලධර්මවලට අදාළ ගැටළු – සාධාරණත්වය, විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍යය අර්ථවත් වැඩසටහනකට මඟ පෙන්විය යුතු වෙනවා. ඒවා වැදගත් වන්නේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමට හෝ දූෂණයට එරෙහිව සටන් කිරීමට පමණක් නොව, අපේ රටට සාපයක් වී ඇති නාස්තිය, උදාසීනබව සහ බාල නිෂ්පාදන පිටුදැකීම සඳහායි.

දේශගුණික විපර්යාස, බලශක්ති අර්බුදය සහ රාජ්‍ය ඩිජිටල්කරණය යන ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් රජයට මගපෙන්වීම සඳහා නායකත්වය ගන්නාලෙස ද ගාමිණී කොරයා පදනම වෙත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.
ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය හොවාර්ඩ් නිකලස් සහ වෛද්‍ය මුර්ටාසා ජැෆර්ජි රැස්ව සිටි පිරිස ඇමතූ අතර අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස විතාරණ, එරාන් වික්‍රමරත්න,
චරිත හේරත්, යදාමිණි ගුණවර්ධන, හිටපු මන්ත්‍රී ඩිව් ගුණසේකර, තානාපතිවරුන්, විද්වතුන්, ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින්, පර්යේෂණ ආයතන ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 2
Previous Post

හමුදා වෛද්‍ය විද්‍යාවේ නව පරිච්ඡේදයක් අරඹනවා – ජනපති

Next Post

රටේ ආර්ථිකය විනාශ කිරිමට අන්තාවදි දේශපාලන පක්ෂ උත්සහා කරන බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

editor

editor

Next Post

රටේ ආර්ථිකය විනාශ කිරිමට අන්තාවදි දේශපාලන පක්ෂ උත්සහා කරන බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved