27 April 2024
#දේශීය

රටේ ආර්ථිකය විනාශ කිරිමට අන්තාවදි දේශපාලන පක්ෂ උත්සහා කරන බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

රට අඩියෙන් අඩිය ගොඩනැගෙන මේ අවස්ථාවේදි නැවතත් බොරු උද්ඝෝෂණ සිදු කර රටේ ආර්ථිකය විනාශ කිරිමට අන්තාවදි දේශපාලන පක්ෂ උත්සහ කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රත්තොට වේරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට 26දා එක්වෙිමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා” අදත් විවිධ උද්ඝෝෂණ රටේ සිදු කරනවා.අපි උද්ඝෝෂනවලට බය නැහැ.නමුත් රටේ ආර්ථිකය විනාශ කරන දේවල් තමයි මේ පිරිස් සිදු කරන්නේ.අද වනවිට සංචාරක කර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ඇති වෙමින් තියනවාතමේ රටට විදේශ විනිමය රැගෙන එමින් තියෙන්නේ.සංචාරකයින ්කැමති නැහැ.පාරවල්වල තමන්ගේ කාලය කා දමන්න.ඔවුන් වෙනත් රටවලට යන්නේ ඒකයි.මේ අන්තවාදි දේශපාලන කණ්ඩායම් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට සදහා රටේ ඕනැම දෙයක් බිල්ලට දෙන්න සුදනාම්.ඔවුන්ගේ අතිත දේශපාලනයද එයයි.ඒ නිසා මේවාලට රැවටුන ජනතාව දැන් නැහැ.පසුගිය කාලයේ අරගල කියමින් විශාල ලෙස විදි බැස්ස පිරිස් අද ඒ ඒ දේශපාලන පක්ෂවල වේදිකා ගානේ කතා කරනවා.මේවා ජනතාව තේරුම් ගත යුතුයි.අද වන විට ජනාධිපති රනිල ්වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් තියනවා.මේ තත්වය ඉවසගන්න බැරි පිරිස් කෙසේ හෝ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි නොවන ආකාරයේ වට්ටන්න බලාගෙන ඉන්නේ.මේවාට අපි ඉඩ ලබා නොදිය යුතුයි.එසේ සිදු වුවහොත් අනාගත පරපුරට රටක් නැතිවේවි.අද වන විට ගොවින්ට තමන්ගේ වගාවන් සදහා අඛණ්ඩව පොහොර ලබා දෙමින් තියනවා.ඒ වගේම අනෙකුත් බෝග සදහා සාධාරණ මිලක් ලැබිලා තියනවා.විශේෂයෙන් තේ සදහා විශාල මුදලක් ගොවින්ට ලැබෙනවා.මේ වන විට ග්‍රාමිය ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් තියනවා.ඉදිරියේදි රටේ ආර්ථික තත්වය යහපත් හැරෙන විට මිට වඩා ජනතාවට සහන ලබා දිමට අපේ රජය සුදානම් යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *