• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

4 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07දෙනෙකුගෙන් සමන්විතය. පත්කරන ලද සාමාජිකයෙක් ලෙස පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමි ද කටයුතු කරති.

වසර හතරකට පසු රැස් වූ මෙම පාලක සභා රැස්වීමට සියලු සාමාජිකයන් සහභාගී වූ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් ඊට සහභාගී නොවීය.

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලබා දෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු පිළිබඳ මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජනාධිපති අරමුදල සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම හා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් යොදවනු ලබන අතර, ජනාධිපති අරමුදල වෙත ලැබෙන මුදලින් කොටසක් “මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යභාර අරමුදල” වෙත ප්‍රදානය කෙරේ.

අරමුදල් පනතෙහි බලතල ප්‍රකාරව අරමුදල ආරම්භයේ සිට මේ දක්වා මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා මෙම අරමුදල විශාල කාර්යයක් සිදුකර ඇත.

විශේෂයෙන්ම ජනාධිපති අරමුදල තම අරමුණු අතරින් වැඩි දායකත්වයක් ලබා දී ඇත්තේ දරිද්‍රතාවයට සහන සැලසීම ප්‍රමුඛ පරමාර්ථය කර ගනිමින් රෝගී ජනතාව සඳහා වෛද්‍යාධාර ලබා දීමටය.
මේ යටතේ විවිධ රෝගාබාධ, සැත්කම් හා වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම සිදු කෙරේ.

ජනාධිපති අරමුදල වෙත ලැබී තිබූ ගොනු 12,000ක් පමණ වන වෛද්‍යාධාර ඉල්ලීම් ජනාධිපතිවරයාගේ උපදෙස් හා ජනාධිපති ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේ 2022-12-31 වන දින වන විට අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

ඒ අනුව ගොඩගැසී තිබූ අයදුම්පත්වල වැඩකටයුතු අවසන් කර සුදුස්සන් වෙත ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කෙරුණු අතර, ඒ සඳහා රුපියල් මිලියන 1,717කට අධික මුදලක් වැය කර තිබේ.

ඇතැම් අවස්ථාව දී වෛද්‍යාධාර ඉල්ලුම්කරුවන් වෙත වෛද්‍යාධාර ලබාදීමට වසර ගණනක් ගත වූ අවස්ථා ද දැකගත ගත හැක. ඊට පිළියමක් ලෙස ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ අයදුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සරල කෙරුණු අතර, ඒ අනුව සතියකටත් අඩු කාලයක් තුළ ඉල්ලුම්කරුවන්ට ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි එම නව ක්‍රමවේදය කාර්යක්ෂම කර ඇත.

වෛද්‍ය ප්‍රතිලාභ ලබාදීම සඳහා අනුමත රෝහල් ප්‍රධාන නගර ආශ්‍රිතව කේන්ද්‍රගතව ඇති බැවින් ග්‍රාමීයව පිහිටි රෝහල් ද ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමෙන් දුරබැහැර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර/සැත්කම් ග්‍රාමිය ප්‍රදේශවල අනුමත රෝහල්වලින් සිදු කර ගැනීමට වෛද්‍යාධාර ලබාදීමේ පහසුකම් සලසා ඇත.

 

එසේම මේ දක්වා ජනාධිපති අරමුදලින් මූල්‍යධාර ලබා දුන් රෝගවලට අමතරව රෝගීන්ගේ ඉල්ලීම් ද සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශය සහිතව නව රෝග ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇති අතර එමඟින් රෝගීන් විශාල සංඛ්‍යාවකට සෙත සලසා තිබේ.

වර්තමාන ආර්ථික තත්ත්වය හා සැත්කම් / ප්‍රතිකාර සඳහා යන වියදම සලකා බලා වෛද්‍යාධාර ලෙස සියලුම රෝග සඳහා ගෙවනු ලබන වෛද්‍යාධාරයේ උපරිම සීමාවන් වැඩි කිරීමට ද කටයුතු කර ඇත.

මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් සඳහා තම ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කර ගැනීමට සහාය වීමට ද ජනාධිපති අරමුදල කටයුතු කර තිබේ.

Post Views: 6
Previous Post

පෙර පාසල් දරුවන් පිරිසක් හදිසියේම එප්පාවල රෝහලට එයි

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved