27 April 2024
#දේශීය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අගුරුවැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “ පැහැදිළිවම රජය ප්‍රකාශ කරලා තියෙනවා මේ මාසය ඇතුළත ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉතා පැහැදිළි පුළුල් ප්‍රකාශයක් රටට කරනවා කියලා.ඇයි අපි ඒ නිසා කලබල වෙන්නේ.මේ අනිත් දේවල් ජයග්‍රාහීව සුබවාදීව රටට ගැළපෙන විදිහට කරා වාගේම ප්‍රතිව්‍යුහගතකරන්‍ය පිළීබඳවත් වැඩපිළීවෙළක් සකස් කරලා ඔබතුමාලාට ඉතා පැහැදිළිව ඒක ප්‍රකාශ කරන්න රජය සූදානම්. අපි කලබල නොවී අනික් කාරණා දිහා වාගේම මේ කාරණෘවලටත් මොකද මේ කාරණා වලටත් විවිධාකාර විදිහට ප්‍රශ්න මතු කරලා තියෙනවා.ඉතින් මේ IMF එකඟතාවය ගන්න පෙරත් මම දැක්කා සමහර කරුණු කෙරෙහි විශාල මත රට තුළ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා සමහර පිරිස්.මේකත් එහෙම වෙන්න පුවවන්.ඒ නිසා පැහැදිළිවම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න අපි සූදානම් මේ මාසය තුළ.අපි බලමු මොකද වෙන්නේ කියලා.මේ රටට හිතවාදී විදිහට තමයි මේ කරුණු වාගේම සියල්ල අපි ඉදිරිපත් කරන්නේ. යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *