27 April 2024
#දේශීය #පුවත්

අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

ශ්‍රී ලංකා හදබිම් අධිකාරිය මගින් 2023 වර්ෂය සදහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් යටතේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලවතුවල ග්‍රාම නිලධාරී වසමේ ක්‍රියාත්මක කරනු ලැබු කාබනික පොහොර නිෂ්පාදන හා ගෙවතු වගා සංවර්ධන වැඩටහන සිදු කළ ගොවින් හට අවශ්‍ය කෘෂි උපකරණ කට්ටල බෙදා දීම පසුගියදා සිදු කෙරිණ.

ඒ, උකුවෙල ප්‍රාදේශීය මහලේකම් එස්.එන්.කේ.සේරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඒකක කළමනාකරු අශෝක සෙනවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පසුගියදා මෙය පැවැත්විණ.

මෙහිදි ප්‍රතිලාභි පවුල් 35ක්‌ සදහා උපකරණ කට්ටල හා රෝපණ ද්‍රව්‍යය බෙදා දීම සිදුකරන ලදී.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *