කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙරට ගොවීන් සහ පශු සම්පත් නිෂ්පාදකයන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස නව විධිමත් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ගොවීන් අපහසුතාවට පත් නොවන පරිදි ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂ QR ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය ඉන්ධන ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මෙම විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහතා කියා සිටියේ, ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණයන් අනුමත නිර්දේශයන්ට අනුව බාධාවකින් තොරව ලබාදීම සඳහා ද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි. වගා කටයුතු සඳහා අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් බව ඔහු එහිදී අවධාරණය කළේය.
මීට අමතරව, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමේ කටයුතු ද ඉතා විධිමත්ව සිදුකිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළේය. ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම සහතික කරමින් මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය දිවයින පුරා ක්‍රියාත්මක වේ.














