27 April 2024
#දේශීය

රන්ජනගේ හිස් වු මන්ත්‍රී අසුනට අජිත්ට දිවුරුම් දෙයි

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවූ රන්ජන් රාමනායක මහතා මේ වනවිට වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටීන අතර එම මන්ත්‍රීධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බව කථානායකවරයා 07 වනදා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *