• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

AkzoNobel අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කරයි

9 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

AkzoNobel Paints සමාගම අඛණ්ඩව 5 වන වරටත් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමට පසුගිය ජනවාරි 20 වනදා දින සිදු කෙරිණ.

සුප්‍රකට Dulux තීන්ත නිපදවන AkzoNobel Paints සමාගම ලොව ප්‍රමුඛතම තීන්ත හා ආලේපන නිෂ්පාදන සමාගමකි.

මේ වනවිට රටවල් 24 ක් සමග පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය, AkzoNobel Paints සමාගමේ ‘Let’s Colour’ වැඩසටහනේ එක් අදියරකි. නොයෙක් දුෂ්කරතා සහිත පසුබිම්වලින් පැමිණි තරුණ තරුණියන් අතර විරැකියාව අවම කිරීම සඳහා ඔවුන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මේ යටතේ වෘත්තීය මට්ටමේ පින්තාරුකරණය හා අලුත්වැඩියාව, ව්‍යවසායකත්වය සහ මෘදු කුසලතා සංවර්ධනය සම්බන්ධ මගපෙන්වීම් හා පුහුණු වැඩසටහන් සංවිධානය කෙරෙන අතර, තරුණ පරපුරට රැකියා සොයාගැනීමට ඇති අවස්ථා පුළුල් කරමින්, පෞද්ගලික හා සමාජයීය වශයෙන් වගකීම්සහගත, සාර්ථක හා ස්වාධීන වැඩිහිටියන් පිරිසක් නිර්මාණය කිරීම එහි පරමාර්ථයයි.

SOS ළමා ගම්මාන වැඩසටහන සමග පවතින හවුල්කාරීත්වය යටතේ, එම ගම්මානවල වෙසෙන දරු දැරියන්, තරුණ තරුණියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ජීවත් වන නිවාස වැඩිදියුණු කිරීම සහ අලංකාර කිරීම සඳහා Dulux තීන්ත ප්‍රදානය කිරීම සිදුකෙරේ. මීට අමතරව, AkzoNobel කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වය සමගින්, SOS ළමා ගම්මානවල වෙසෙන දරු දැරියන්ට සිය ජීවිත සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම් ලබාදීම සහ ඔවුන් දිරිමත් කිරීමද සිදුකෙරේ.

ආරම්භයේ සිට මේ දක්වා මෙම හවුල්කාරීත්වය යටතේ දරු දැරියන් සහ තරුණ තරුණියන් 34,000 කට වැඩි පිරිසකට සෙත සැලසී ඇති අතර, 9,400 කට අධික තරුණ තරුණියන් පිරිසකට නිල වශයෙන් පුහුණුව ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පමණක් දරුවන් 700 කට අධික පරිසකට පුහුණුව ලබා දී ඇති අතර, ඔවුන්ට රැකියා අවස්ථා උදාකරගෙන රටට වැඩදායී පුරවැසියන් බවට පත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබේ.

“SOS ළමා ගම්මාන වැඩසටහන යනු මිල කළ නොහැකි මෙහෙවරක් ඉටුකරන සංවිධානයක්. දෙමාපිය රැකවරණය අහිමි දරුවන්ට යහපත් අනාගතයක් උදාකර දීම සඳහා එම සංවිධානය සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. මේ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කරමින්, මේ දරු දැරියන්ට සහ තරුණ තරුණියන්ට අනාගතයේ රැකියා සොයාගැනීමට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් සැපයීමට හැකිවීම මට මහත් සතුටක්.” AkzoNobel Sri Lanka සමාගමේ අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

“වසර ගණනාවක් පුරා AkzoNobel සහ එහි කාර්ය මණ්ඩලය අපගේ ළමා ගම්මානවල වෙසෙන දරු දැරියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දැනුම හා පුහුණුව මෙන්ම, ඔවුන්ගේ නිවාස වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය අත්වැලද ලබා දී තිබෙනවා. හුදෙක් යහපත් ක්‍රියාවක් සිදුකිරීමෙන් නොනැවතී, දරිද්‍රතාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ ජීවිත පූර්ණ වෙනසකට ලක්කිරීමට ඔවුන් දක්වන උනන්දුව ප්‍රශංසනීයයි. සමාජ සත්කාර සම්බන්ධයෙන් අපගේ දැක්මට සමාන දැක්මක් සහිත AkzoNobel සමග පවත්වාගෙන යන මේ හවුල්කාරීත්වය නැවත අලුත් කිරීමට හැකි වීම මට මහත් සතුටක්.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

 

පිටපත – PR

Post Views: 10
Previous Post

දියේ ගිලි අවුරුදු 14 ක පිරිමි දරුවෙකු මරුට

Next Post

ප්‍රචණ්ඩත්වය රනිල්ට පුරුදුයි – අනුර දිසානායක

editor

editor

Next Post

ප්‍රචණ්ඩත්වය රනිල්ට පුරුදුයි - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved