යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත රජයේ සංවර්ධන ව්‍යාපෘතින් නියමිත ප්‍රමිතියට හා නීත්‍යානුකූලව තිබිය යුතු බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් යාපනය දිසාපති ඇතුළු අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හා සමෘද්ධි නිලධාරීන්ද සමග පසුගිය දෙවෙනි දා ෂුම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.
මෙම සාකච්ඡාවේදී සමෘද්ධි ව්‍යාපෘති හරහා පවුල් දිරිගැන්වීමේ සමස්ථ ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වන අතර යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවන ව්‍යාපෘති රාශියක්ද තිබෙන අතර ඒ අනුව ධීවර කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපෘති රැසක් යාපනය දිස්ත්‍රික්කයේ කරගෙන යාමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘති හරහා යාපනය දිස්ත්‍රික්කයේ ධීවර පවුල් වල ආර්ථිකය නැංවීමට කටයුතු කරන අතර ඒ සදහා රුපියල් කෝටී 4යි ලක්ෂ 5ක මුදලක් වෙන්කර ඇත.
මේ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක පුද්ගලයන් 933ක් තෝරාගෙන ඇත. හදුනාගත් පවුල් වල ජීවනෝපාය නැංවීමට ගත් පියවරයන් පිළිබද අමාත්‍යවරයා මෙහිදී විමසීමට ලක් කරන ලදි. මෙම තෝරාගත් පවුල් වලට බෝට්ටු එන්ජින් අයිස් පෙට්ටි සහ ජී.පී.එස් යන්ත්‍ර, බයිසිකල් යනාදිය ඉල්ලා ඇති අතර බහුතරයක් දැල් ආම්පන්න ඉල්ලා ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ඒවා මිලදී ගැනීමට සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයාට දන්වා සිටි අතර එයින් කොටසක් පමණක් මිලදී ගෙන ඇති බවද, සම්පුර්ණ මුදල් ලබා ගත් පසු අනෙක් ඉල්ලීමද ඉටු කිරීමට කටයුතු කරන බවද නිලධාරීන් අමාත්‍යවරයාට පැවසීය.
මෙහිදී අදහස් දැක්වු සමෘද්ධි අධ්‍යක්ෂකවරයා මෙයින් රු. 15000000 පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වෙන් කර ඇති බවද එම මුදල් ලැබීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා දෙන බවද පැවසිය.
මෙම අවස්ථාවේ කරුණු දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධිවර ප්‍රජාවගේ බහුතරයක් දැල් ආම්පන්න ලබා ගැනීමට උනන්දු වන බැවින් නොර්ත් සී ආයතනයෙන් ඒවා ලබා ගැනීම සුදුසු නමුත් පසුගිය යහපාලන කාලයේ නොර්ත් සී ආයතනය නිෂ්පාදනය කරන දැල් වල අඩුපාඩු තිබෙන බැවින් ඒවා මිලදී ගැනීමට ධිවරයෝ අකමැති වු බවත් දැන් ඒවා ක්‍රමවත්ව සිදුවන බැවින් එම ආයතනයෙන් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම්දුන්නේය.
ධීවර ආශ්‍රිතව වෙන් කරන ලද මුදලින් වෙනත් කර්මාන්ත වලට යොදා ගැනීමට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික්කයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස එම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබදව තමන් අවබෝධ කර ගෙන සිටින බවද, එබැවින් මේවා පිළිබදව නිරන්තරයෙන් සොයා බලන බවද නිලධාරීන්ට පැවසීය.