• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ සියලු දෙනා බුද්ධිමත්ව සහ ඉවසීමෙන් නීතිය හා සාමය ආරක්ෂාවන අයුරින් කටයුතු කරන්න – ආරක්ෂක අමාත්‍යංශය

8 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වගකිවයුතු පුරවැසියන් ලෙස රටේ සියලු දෙනාම ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව රටෙහි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ඔබ සියලු දෙනාටම දන්වා සිටින බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ වර්තමානයෙහි රටතුළ උද්ගතව ඇති ආර්ථික හා සමාජයීය අර්බුදකාරී තත්ත්වය සහ නොසන්සුන්කාරී ස්වභාවය සැලකිල්ලට ගෙන ඉතාමත්ම බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුතුව එය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙස ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාගෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශය ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින බවයි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සාමකාමී ලෙස දිවයිනේ ඕනෑම ස්ථානයක සිට තම උද්ඝෝෂණ සහ විරෝධතා පළකිරීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රික අයිතියට අප සියලු දෙනාම ගරු කළ යුතු බව සඳහන් කළ යුතු බවත්, විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ සාමකාමී අරගලයක් ලෙස පවත්වාගෙන යනු ලැබූ අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතය අඩාල වන අයුරින් හා ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කිරීමට උත්සාහ කරමින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි රටෙහි විවිධ ස්ථානවල සිදුකරනු ලබන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හේතුවෙන් පොදුවේ මහජනතාව මහත් දුෂ්කරතාවයකට පත්වී ඇති බව සියලු දෙනාටම පෙනීයන කරුණක් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

මෙහිදී විවිධ අවස්ථාවන්හිදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂණකරුවන් විසින් රටෙහි පවත්නා සාමාන්‍ය නීතිය පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකොට නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට කැපවී ක්‍රියා කරනු ලබන පොලිසියේ සහ ආරක්‍ෂක අංශයන්හි නිලධාරීන්ගේ රාජකාරීන්වලට බාධාවන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කරන ආකාරයත් ඔවුන් කෙරේ දක්වන තර්ජනය කිරීම් ආදියත් නිරීක්‍ෂණය වී ඇති අතර මෙම හේතුව නිසා රටේ නීතියට ගරුකරන බහුතරයක් වන සාමාන්‍ය පුරවැසියන් වෙත ඔවුනගේ දෛනික ජනජීවිතය පවත්වාගෙන යාමට අවැසි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ද ඇතිව තිබෙන මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අතිගරු ජනාධිපතිතුමා වෙත ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවන වගන්තිය අනුව රටේ ජනාධිපතිවරයාට හිමිවන බලතල යටතේ මහජන සාමය පවත්වාගෙන යාමේ අරමුණින් සහ ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ස්ථාපිත රාජ්‍ය ව්‍යූහය හා ව්‍යවස්ථාපිත ආයතන ක්‍රමාණුකූලව පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරි කරගනිමින් 2022 මැයි මස 06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව එම නිවේදනයේ සදහන්.

Post Views: 2
Previous Post

සියඹලාපිටිය නාඩගමවගේ තනතුරු භාර ගෙන රට ගොඩ ගන්න බෑ – විපක්ෂනායක

Next Post

ව්‍යවස්ථා වෙනස්කම් සහ ආර්ථික සහන අත්‍යවශ්‍යයි – අමාත්‍ය දිනේෂ්

editor

editor

Next Post

ව්‍යවස්ථා වෙනස්කම් සහ ආර්ථික සහන අත්‍යවශ්‍යයි - අමාත්‍ය දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved