27 April 2024
#දේශීය

සියඹලාපිටිය නාඩගමවගේ තනතුරු භාර ගෙන රට ගොඩ ගන්න බෑ – විපක්ෂනායක

අත පය බැඳ දමා “සියඹලාපිටිය නාඩගමේ” ක්‍රමයට අගමැතිකම් ඇතුළු තනතුරු භාර ගෙන රට ගොඩනැඟිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යොවුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් අද(07) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර අර්බුදයෙන් රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් ද එම පිරිස විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රට ගොඩ නඟන කාර්‍යභාරයේදී තරුණ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව පැවසූ ප්‍රේමදාස මහතා පැවසීය.සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් රට ගොඩනැඟිය යුතු බව පැවසූ හෙතෙම යල් පැන ගිය ක්‍රමවේද තුළින් රට අඟලකින් හෝ ඉදිරියට යෑමක් සිදුනොවන බවද පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *