• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් අලියාන්ස් ලංකා ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උලෙළක් පවත්වයි

30 September 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, එය 2023 අගෝස්තු 18 වන දින කුරුණෑගල Epitome හි දී පැවැත්විණි.

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විකුණුම් බලකායෙහි විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරුණු මෙම උත්සවය මඟින් ඉදිරි කාල වකවානුව අති සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් වෙත යම් දිරිගැන්වීමක් ලබා දීම ද අපේක්ෂා කෙරිණි.

මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල, අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට අමතරව සංවිධානය කෙරෙන නවතම වැඩසටහනක් වන අතර, කණ්ඩායම අභිප්‍රේරණය කරමින්, ජයග්‍රහණ කරා ඔවුන් යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබේ. කලාපීය සහ සමස්ත ලංකා මට්ටමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ජයග්‍රහණ අත් කර ගන්නා, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමට සම්බන්ධ කලාපීය හා සියලුම මට්ටම් නියෝජනය කරන රක්‍ෂණ උපදේශකයින්, නියෝජිත කළමනාකරුවන් සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය මගින් ඇගයීමට ලක් විය.

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි වර්ධනය වෙනුවෙන් ආදර්ශමත් ආකාරයෙන් කැපවීම, නායකත්ව ලක්ෂණ මෙන් ම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන, අති දක්ෂ විකුණුම් කරුවන් මෙහි දී සම්මාන දිනා ගත් අතර, මීගමුව ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු විශ්ව හිරුමාල් රණසිංහ මහතා සමස්ත ලංකා හොඳ ම රක්ෂණ උපදේශකවරයාට හිමි සම්මානයට හිමිකම් කීවේය. එහි දී සමස්ත ලංකා හොඳ ම ව්‍යාපාර සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය තිරුනෙල්වේලි ශාඛාවේ නියෝජිත කළමනාකරු උදයසීලන් ප්‍රියංගන් මහතා දිනා ගත් අතර, දිවයිනේ හොඳම සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය එම ශාඛාවේ ම ව්‍යාපාර බෙදාහැරීම් කළමනාකරු වන සීනිජන් ඥානේෂ්වරන් මහතා දිනා ගැනීමට සමත් විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ හා විකුණුම් කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ප්‍රකාශ කර සිටියේ, “ මෙම ප්‍රථම අර්ධ වාර්ෂික සම්මාන උළෙල අලියාන්ස් ලයිෆ් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අපගේ අති දක්ෂ විකුණුම් නිලධාරීන් හා නිලධාරිනියන් හඳුනාගෙන ඔවුන් ඇගයීම අපි මෙම සම්මාන උළෙල හරහා සිදු කරනවා. අපගේ ඉලක්කය වන්නේ අපගේ විකුණුම් බලකාය තුළ පවතින විශිෂ්ට දක්ෂතා ඔප්නංවා ගැනීමට ඔවුන්ට සහයෝගය ලබා දෙමින්, ඔවුන් ජයග්‍රහණ කරා මෙහෙයවීමයි. අපගේ අලෙවි බලකායේ ජයග්‍රහණ අගයමින්, අනාගත ජයග්‍රහණ සඳහා ඔවුන් මෙහෙයවන මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල ඉදිරියේදීත් අඛණ්ඩව පැවැත්වීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙවැනි වැඩසටහන් හරහා සිය කාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම තුළින් සිය පාරිභෝගික භවතුන් සහ හවුල් කරුවන් වෙත අසම සම සේවාවක් ලබා දීමට කටයුතු කරන අලියාන්ස් ලංකා සමාගම, ජයග්‍රාහී ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම වෙනුවෙන් කටයුතු කරයි.

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් යන සමාගම් ද්විත්වයේ එකතුව අලියාන්ස් ලංකා නමින් හැඳින්වෙන අතර, එය ජර්මනියේ මියුනික් අගනුවර මූලස්ථානය කරගනිමින්, රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන අලියාන්ස් එස් සී හි පූර්ණ අනුබද්ධිත සමාගම් සමූහයකි. අලියාන්ස් සමූහය සතු ප්‍රාග්ධන ශක්තිය සහ ව්‍යාපාරික විශේෂඥතාව එහි සාර්ථකත්වයට ප්‍රබල ලෙස හේතු වී ඇති අතර, සිය ගුණාත්මක සේවා සහ නවෝත්පාදන හරහා පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන විසඳුම් ලබා දීමට අලියාන්ස් ලංකා සමාගම කැප වෙයි.

පිටපත – PR

Post Views: 2
Previous Post

ජනපති සහ ජර්මනියේ ෆෙඩ්‍රික් – ඊබට්-ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක්

Next Post

සමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

සමාජ සුබසාධන ව්‍යාපෘතියක් කිරීමට පෙර දරිද්‍රතා රේඛාව හරියට හඳුනාගන්න අවශ්‍යයි - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved