• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයවැය පාර්ලිමේන්තුවේ පරද්දන්න බැරි වුණාට පාරේදී පරද්දන්න පුළුවන් – වසන්ත සමරසිංහ

25 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් ගංජා වැව්වට රට ගොඩනගන්න බැරි බවත් ඇපල් කියලා මසං කාපු එකාට, ගංජා වවලා රට හදන්න පුලුවන් කියලා කියන්න පුලුවන් බවත් මේ අය වැය පාර්ලිමේන්තුවේ පරද්දන්න බැරි වුණාට පාරේදී පරද්දන්න පුලුවන් යැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ එප්පාවල නගරයේ, නාගරික කොට්ඨාශ සභාව පිහිටුවීම සඳහා එප්පාවල නගරයේ උත්සව ශාලාවක පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ” හාමුදුරුවරු අරගල කරන්න එන්න ඕන නෑ, අරගල කරන්න දෙන්නේ නෑ කියලා පුදුම චන්ඩියෙක් වෙලා ජනාධිපතිතුමා, කොහේ හිටපු එකක්ද කියලා මම කල්පනා කරන්නේ,පහුගිය කාළයේ හොයා ගන්න බැරි වුණා, ජූලි 09 එනවා කියන කොට මිනිහා මාරු වෙලා හිටියේ, ගෙදර හිටියේ නෑ, හොයා ගන්න බැරිව හිටියේ, දැන් රනිල් හිට්ලර්ට රඟපානවා එක වෙලාවක, මම තමයි චන්ඩියා කියලා රඟපානවා එක වෙලාවක, පාර්ලිමේන්තුවේ ඔක්කෝටම පෙන්වනවා මම ඉන්නවා, ඒ නිසා කාටවත් දෙන්නේ නෑ, මගෙන් අවසර ගන්නේ නැතිව අරගල කරන්න බෑ, ඒවා කොහෙද මාත් එක්ක වගේ, පුදුම චන්ඩියෙක් වෙලා, මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරිව මම ඉන්නේ, රනිල් මෙනවා කරයිද දන්නෙ නෑනේ මොනවා හරි කිව්වොත්.අපිට රනිල්ට කියන්න තියෙන්නේ බොහෝම කෙටියෙන් ආපහු රනිල්, රනිල් ගැන ඉගෙන ගන්න ඕන නම්,ගෝඨාභයට වෙච්ච දේ ගැන ඉගෙන ගන්න.මැයි මාසේ 09 වැනිදා මහින්දට වෙච්ච දේ ගැන ඉගෙන ගන්න.අරගලය නිසා පොට්ට චාන්ස් එකක් වැදිලා ආව රනිල්, මස්ත බාල්දු වෙච්ච පොහොට්ටුවත් එක්ක එකතු වෙලා රට ඉස්සරහට අරන් යන්න හදනා, ඒක නවත්වන්න තමයි මේ මිනිස්සු හදන්නේ කියලා රටේ ජනතාවට අලුත් චිත්‍රයක් හදන්න හිතාගෙනද දන්නේ නෑ මේ තග දාන්නේ,සමාජ මාධ්‍යයේ සහෝදරවරු කියලා තියෙනවා “හරි එහෙනම් උඹ දවසක් කියපන් අපි එන්නම් කියලා”. රනිල්ට මතක් කරලා දෙන්න ඕන ගෝඨාභයට යන්න බෝට්ටුවක් තිබුණා, හැබැයි රනිල්ට යන්න බෝට්ටුවක්වත් ඉතුරු වෙන්නේ නෑ,රනිල් රාජපක්ෂ වාසගම නැති කර ගෙන මේක පටන් ගත්තේ, රනිල්ගෙන් අවසර අරන් නෙමෙයි ඉතිහාසයෙත් අපි අරගල කලේ ,වර්ථමානයෙන් අරගල කරන්නේ, ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික නායකයෝ, වෘත්තීය සමිති, ගොවියෝ,ශිෂ්‍යයෝ මේ රටේ පීඩකයාට එරෙහිවයි මේ අරගලය. පීඩකයා හිතන් ඉන්නවා නම් අවසර අරන් අරගල කරනවා කියලා, එහෙම නෑ රනිල් ඔයා තව මිස්ටර් බීන් කෙනෙක් වෙලා ඉවරයි සමාජය ඇතුලේ. ඒ නිසා මිස්ටර් බීන්, හිට්ලර්ට රඟපෑවත් – මිස්ටර් බීන්, මමයි රජාට රඟපෑවත් ඒ මිස්ටර් බීන් කියලා සමාජය දන්නවා.ඒ නිසා ඇපල් කියලා මසං කාපු රනිල්ට හිට්ලර් කෙනෙක් වෙන්න බෑ කියලා සමාජය දන්නවා කියලා රනිල් මතක තියා ගත්තා නම් හරි.රනිල් මේ ඉල්ලං කන්න හදන්නේ.අද රටේ මිනිස්සු ඉන්නේ බොහෝම අමාරුවෙන්, බොහෝම වේදනාවෙන් ඉන්නේ.රැකියාවක් කරන කෙනාට වැටුප මදි, අද බයිසිකලේට තෙල් ගහන කිව්.ආර් එක ඉතුරු වෙනවා ඒක ගහගන්නත් සල්ලි නැතිව ඉන්නේ, ආර්ථිකය හැකිලිලා තියෙන්නේ, හැකිලිච්ච ආර්ථිකයක් ඇතුලේ තුන්වේල කාල හිටිය සමාජයක් දෙවේලට බස්සපු මේ ගොල්ල දෙවේලත් නැති කරන්න අයවැයක් ගෙනල්ලා රනිල් හිතන් ඉන්නවා නම් මේ ගන්න සිඟති ආතල් වලට, මේ දාන සිඟති තගවල් වලට මිනිස්සු භය වෙනවා කියලා,නෑ අපි රනිල්ට කියනවා, ඊළඟ පාර මේ රටේ තරුණයෝ විතරක් නෙමෙයි, මේ රටේ වැඩිහිටියොත් පාරට එනවා.ඒ මේ විනාශ කරපු සමාජය නැවත අත්පත් කර ගැනීම වෙනුවෙන්, එදාට අහුවෙන්න ගෙදර ඉන්න එපා රනිල්, මෑ කරල්, බන්ඩක්කා කැඩුවා වගේ අපේ රටේ මිනිස්සු රනිල්ව කඩනවා එදාට, ඒක හොඳට මතක තියා ගන්න කියලා රනිල්ට අවධාරණය කරලා කියනවා.මේ රටේ මිනිස්සු මේ ගත කරමින් තියෙන්නේ අතිශය දුෂ්කර වකවානුවක්, කාළපරිච්චේදයක්, මේ කාලපරිච්ඡේදය තව දුරටත් දුෂ්කර කරන්න තමයි රනිල් මේ පාර අයවැය ගෙනත් තියෙන්නේ.

රනිල්ගේ එක අය-වැය යෝජනාවක් තියෙනවා මහවැලිය අහෝසී කරන්න, රාජ්‍යය සේවකයෝ අඩු කරන යෝජනාවක් තියෙනවා, පෞද්ගලික අංශයේ සේවකයෝ ඉවත් කරන්න නීතී වෙනස් කරන යෝජනාවක් තියෙනවා, අවුරුදු 22 න් විශ්‍රාම ගිය ආරක්ෂක අංශ සාමාජිකයෝ අවුරුදු 18 න් විශ්‍රාම ගන්වන යෝජනාවක් තියෙනවා.රාජ්‍යය සේවය හා පෞද්ගලික අංශය කප්පාදු කරනවා.අනෙක් පැත්තෙන් අපේ රටේ රාජ්‍යය දේපළ විකුණන යෝජනා තියෙනවා, ගිය අවුරුද්දේ රුපියල් කෝටී 1200 ක් ලාභ ලබපු ටෙලිකොම් එක විකුණන්න යෝජනා කරනවා, මීට කලින් ඒ ගොල්ල කිව්වා පාඩු නිසා විකුණනවා කියලා, දැන් කෝටී 1000ක් ලාභ ලබපු රක්ෂණ සංස්ථාව විකුණන්න හදනවා, පාඩු නොවිච්ච වෝටර්ස් එජ් හෝටලය, හිල්ටන් හෝටලය, එයාර් ලංකා එකත් එක්ක ගැටගහලා විකුණන්න යෝජනා කරනවා.හැබැයි රනිල් කෙටි පණිවිඩයක් එවලා චරිත රත්වත්තේලා එයාර් ලංකා බස් ගණුදෙනුව අවසන් කරන්න ඩොලර් මිලියන 116 ක් ගෙවපු පරීක්ෂණය තවම එතනමයි, කපිල චන්ද්‍රසේනලා එයාර් බස් සමාගමෙන් පගාව අරගෙන, ශ්‍රී ලංකා ගුවන් සමාගම අරගෙන තියෙන ගුවන් බස් 26 සාමාන්‍යය වෙළඳපොලේ මාසෙක ඩොලර් ලක්ෂ 2 ½ යි ලීසීන් එක, ඒ වෙනුවට ඩොලර් ලක්ෂ 7 ½ සිට 11 ක් දක්වා ගෙවන්න ගහපු ගිවිසුම තවත් පවත්වන් යනවා.එයාර් ලංකා එක පාඩු වෙන්නේ නැද්ද? මිලියන 40 000 කට වැඩිය ගුවන් බස් 26 ට අවුරුද්දකට වැඩිපුර ගෙවනවා. 4 ½ ගානේ ගත්තත් ඊට වඩා ගෙවනවා මිලියන 40 000ක් අවුරුද්දකට.ඒ පාඩුව ගැන කියමින් ලාභ ලබන රක්ෂණයත්, ලාභ ලබන ටෙලිකොම් එකත් විකුණන යෝජනාව මේක ඇතුලේ තියෙනවා.ලබන අවුරුද්දේ රනිල් මොකක්ද විකුණන්නේ? මේක ඇතුලේ බරපතල කාරණා ටිකක් තියෙනවා.

කර්මාන්ත නගා සිටුවන්න මේ අයවැයෙන් ඉඩක් ලබා දීලා නෑ, රනිල්ගේ බදු යෝජනා එක්ක ඉන්න කර්මාන්තකරුවෝ ගලවන් යනවා. පුද්ගල බදු 6% සිට 36% දක්වා 600% කින් වැඩි කලා, සමාගම් බදු 14% සිට 30% දක්වා වැඩි කළා, බැංකු වල ලාභෙන් 64% ක් බදු ගෙව්වා දැන් 76% ක් දක්වා වැඩි කරලා තියෙනවා.ඒ නිසා කිසිදු ආයතන පද්ධතියක් රැකෙන්න, රකින්න, ආරක්ෂා වෙන්න යෝජනාවක් මේ අයවැය තුළ නෑ, ඒ වෙනුවට රනිල් අයි.එම්.එෆ් එකට කියපු ජාතික ආදායමට සාපේක්ෂව බදු ආදායම ඉලක්කම් දෙකක අගයකට ගේන්න රටේ බදු වැඩි කරන්න යෝජනා කරනවා.රනිල් ආර්ථික විද්‍යාව දන්නේ නෑ කියලා මේ අය-වැයට කලිනුත් අපි කිව්වා.මේ වෙලාවේ මතුවෙලා තියෙන අර්බුධයන්ට උත්තර හොයන්න අනුගමනය කරන්න ඕන උපාය මාර්ගික සැලසුම් කිසිවක් නැතිව අයි.එම්.එෆ් එක සතුටු වෙන, අයි.එම්.එෆ් ණය වාරිකය කොහොම හරි ගන්නවා කියලා හිතන තැනට තමයි අද මේ අය-වැය ඉදිරිපත් කරලා තියෙන්නේ.

දැන් සමහරු කියනවා රනිල් ඇවිල්ලා ප්‍රශ්නය විසඳුවා වගේ කියලා, තෙල් පෝලිම් නෑ කියලා එහෙම, පෝලිම නැති වුණත් කිව්.ආර් එකට ගහන්න සල්ලි නෑ, ලෝක බැංකුව දුන්නා ඩොලර් මිලියන 160 ක් පොහොර ගේන්න, අඩුම තරමේ ඒකට පොහොර ගේන්න බැරි වුණා තාම, ලංකාවේ මිනිස්සු වගා කෙරුවේ නැත්නම් මේ මහ කන්නය ලක්ෂ 04 ක් 05 බඩගින්නේ මැරෙනවා කියලා ලෝක බැංකුව ඇස්තමේන්තු කරපු නිසා. ගෑස් දුන්නේ නාගරික ප්‍රදේශ වල මිනිස්සුන්ට උයාගෙන කන්න බැරි වෙනවා.ඒ නිසා ඩොලර් මිලියන 60 ක් දුන්නා ගෑස් ගේන්න, ඒවායෙන් ගේන ගෑස් තමයි තවත් තියෙන්නේ. ඒකෙනුත් හොරා කාලා දැන් පරීක්ෂණයක් කරනවා ලෝක බැංකුවෙන්. රනිල් දැන් ඇවිල්ලා මොකක්ද කරේ එතකොට. මේ අයවැය ඉදිරිපත් කරලා රනිල් චණ්ඩියාට අඳින්න හදන්නේ මොකක් කරලාද? රනිල් රනිල් ළඟ හිටපු අන්තපුරේට රස්සා ටික දුන්නා.ජොබ් එකක් නැතුව හිටපු රනිල්ට ජොබ් එකක් හම්බ වුණා. රාජපක්ෂලා වෙනුවෙන් රනිල් ඒ ජොබ් එ ක ඉටුකරන හැටි තමයි මේ අපිට පෙන්නන්නෙ. රට ගැනත් වෛරයෙන්, ජනතාව ගැනත් වෛරයෙන් ඉදිරිපත් කරපු අයවැයක් තමයි මේ අයවැය. මේ අයවැය ක්‍රියාත්මක වුනොත් රනිල්ට ජනවාරි මාසෙම යන්න පාර අපි හොයලා දෙනවා. මොකද රටේ මිනිස්සුන්ට වෙන විකල්ප නැහැ. 2023 අවුරුද්දට මේ රටේ මිනිස්සු අලුතෙන් එදිනෙදා කඩේට ගිහිල්ල කන්න ගන්න බඩු වලට විතරක් බිලියන 791 ක් බදු ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ඉන්න පවුල් ලක්ෂ 60 න්, එක පවුලක් අවුරුද්දට එක් ලක්ෂ තිස් දහස් අටසිය තිස් තුනක් අලුත් බදු ගෙවන්න ඕන, මාසෙකට රුපියල් 11 000 ක් විතර ගෙවන්න ඕන. රනිල් පාර්ලිමේන්තුවේ උඩ පැණ පැණ හිනාවෙවී කිව්වට රටේ මිනිස්සුන්ට හිනා වෙන්න නෙමෙයි.අද වෙලා තියෙන්නෙ අඩන්න . ඒ තරම් අසාර්ථක ජනතාව පීඩාවට පත් කරපු ජනතා ද්‍රෝහී අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

රට වට්ටන අයවැයක් රනිල් ඉදිරිපත් කර තිබෙන නිසා, රනිල් දන්නවා මේ අයවැය පාර්ලිමේන්තුවේ පොහොට්ටුවේ ඡන්ද වලින් සම්මත කරගන්න පුළුවන්.දෙන්නම් කාසිවලට සම්මත කරගන්න පුළුවන්.ව්‍යවස්ථා හදනවා කියලා චන්දේ නොදී ඉන්න, ටී.එන්.ඒ එකත් එක්ක ඩීල් දාන්න පුළුවන්.ඇමති ධුර දෙනවා කියා පොහොට්ටුවේ ඡන්ද ගන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට සහන නැතුව මේ අයවැය සම්මත වෙලා දෙසැම්බර් පහු වෙන කොට රටේ මිනිස්සු පාරට එනවා කියලා රනිල් දන්නවා.මේ රනිල්ගේ අයවැයත්, රනිල්ගේ භාවිතාවත්, රනිල්ගේ හැසිරීමෙත් මේ කියන්නේ අලුත් අරගලයක් අත්‍යවශ්‍යය බව.එහෙම නැති වුණොත් මේ ගොල්ල හිතනවා මිනිස්සු ඉන්නේ තුන් වේල කාළා සතුටින් කියලා.ඒ නිසා දැවැන්ත අරගලයක අත්‍යවශ්‍යතාව තියෙනවා 2023 වසරේ.

ඊයේ- පෙරේදා දකින්න ඇතිනෙ බැසිල් ආවා නේද? විසිට් ශ්‍රී ලංකා කිව්වම දැන් ඔක්කොම එනවා, ගියපු ගෝඨාභයත් ආවා, ගියපු බැසිලුත් හා හෙට අනිද්දා අර්ජුන මහේන්ද්‍රනුත් එයි. යාලුවා ජනාධිපති නේ.මහ බැංකුව කැඩූ නෑ කියලා කිව්වනේ.මහ බැංකුව කඩලා නෑ, අපි තමයි කඩලා තියෙන්නේ මහබැංකුව.රනිල් මහබැංකු බැඳුම්කර වංචාවට වැරදි නෑ කියල දැන් සේමසිංහලා , රෝහිත අබේගුණවර්ධනලා කියනවා පාර්ලිමේන්තුවේදී. මහින්දානන්ද එක වෙලාවක කියනවා මට නින්ද යන්නේ රනිල් හිරේ දාපු දවසට කියලා.දැන් ජනාධිපති කරන්නත් ඡන්ද දුන්නා, අය-වැයටත් ඡන්දේ දෙනවා ලැජ්ජා නැතිව. ඒ අයගේ ලැජ්ජා නැතිකම ඔය හැම මුදලිකමටත් වඩා ලොකුයි.ඒ නිසා මේ අයවැයත්, ඒ එක්ක එකතු වෙලා තියෙන දේශපාලනයත් ගත්තම රට තවත් ආර්ථිකමය ලෙස බරපතල හිරවීමට යනවා.

ලබන අවුරුද්දේ ළමයි ඉස්කෝලෙ යන්න පටන් ගන්න කොට තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙයි.ළමයි තුන් දෙනෙක් ඉස්කෝලෙ යනවන්න සපත්තු අරන් දෙන්න රුපියල් 15000 ක් ඕන, පොත් ටික අරන් ‍දෙන්න තව 20 000 ක් විතර ඕන.ඒ නිසා මේ සමස්ථ සමාජ පද්ධතියම එහෙම පිටින් ම සුනු-විසුනු කරන රනිල් රාජපක්ෂගේ අය-වැය පරද්දන්නම ඕනෑ අය-වැයක්.හැබැයි අපි දන්නවා ඒක පරද්දන්න බෑ පාර්ලිමේන්තුවේ.රනිල් ජනාධිපති කරපු පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඉන්නකල් රනිල්ගේ අයවැය පරද්දන්නේ නෑ.රනිල් කියනවා මම ඡන්ද වලට යන්නේ නෑ, පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියලා, දැන් ගේම් එකක් ගහනවා කැබිනට් එක අනුමත කරලාලු පළාත් පාලන ආයතන වල මන්ත්‍රී ධූර 4000 කට අඩු කරන්න, තරුණ නියෝජනය 25% ක් කරන්න කියලා. ලබන පෙබරවාරී 20 වන විට පළාත් පාලන මැතිවරණය තියලා ඉවර කරන්න ඕන, රනිල් හිතන් ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් මේ වැඩේ කරන්න පුලුවන් කියලා.නැවතත් රනිල්ට මතක් කරනවා. ඔය ගෝඨාභය හදිස්සි නීතිය දැම්මා, ගෝඨාභය ඇඳිරි නීතිය දැම්මා.ගෝඨාභය හා හමුදාව පොලිසිය කැඳෙව්වා.ඔය ඔක්කොම අත්හදා බැලුවා.හැබැයි අපි අරගල කළා.රනිල්ටත් නැවත අවධාරණය කරනවා.මේ අරගලය, රනිල් රාජපක්ෂ ඇතුළු නඩය එළවලා මිස නවත්වන්නේ නෑ, ජනතා ජයග්‍රහණ ගේනකල් මේ අරගලය ඉස්සරහට යනවා.

රනිල් මේ දාන සිඟිති ආතල් වලට අපි අහුවෙන්න හොඳ නෑ, තේ, පොල්, රබර් ටික අපනයනයන කරන්න පොහොර ටික දෙන්න බැරි, බත දෙන ගොවියට පොහොර දෙන්න බැරි රනිල් ගංජා වවලා අපනයනය කරන්න කථා කරනවා. 2021 ලෝකයේම මේ වෙළඳපොළ ඩොලර් මිලියන 147 යි, මුළු වෙළඳපළම ඇල්ලුවත් වැඩක් නෑ, කවුරු හරි ෂොට් එකක් ගස්සලා වගේ අයවැයට කලින්, රනිල් ගංජා වැව්වට කමක් නෑ, ගංජා වවලා හැබැයි රට ගොඩනගන්න බෑ, ඇපල් කියලා මසං කාපු එකාට, ගංජා වවලා රට හදන්න පුලුවන් කියලා කියන්න පුලුවන්.මේ අය වැය පාර්ලිමේන්තුවේ පරද්දන්න බැරි වුණාට පාරේදී පරද්දන්න පුලුවන් යැයි පැවසීය.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

තවත් භාණ්ඩ 78ක ආනයන සීමා ඉවතට – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ඉන්දියානු අතිරේක මහ මහකොමසාරිස්වරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

editor

editor

Next Post

ඉන්දියානු අතිරේක මහ මහකොමසාරිස්වරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved