27 April 2024
#දේශීය

ඉන්දියානු අතිරේක මහ මහකොමසාරිස්වරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

ඉන්දියානු අතිරේක මහ මහකොමසාරිස් විනෝඩ් කේ ජෙකොබ් (Vindod K. Jacob) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (24) පැවැත්විය.

ඒ අනුව, දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා යටතේ මධ්‍යම පළාත තුල සිදු වූ හා සිදුවෙමින් පවතින ව්‍යාපෘති පිලිබදව වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වු අතර,මෙම සුහද සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය එස්.ආත්රා (Dr. S Athira) මහත්මිය, දෙවන ලේකම් පී.සෝමරාජ් (P.Somaraj), මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරන නිලධාරී උපුල් මහින්දරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *