27 April 2024
#දේශීය

කොරෝනා වෛසරය පවිත්‍රාට හැදුනාට ජී.එල්ට නැහැලු

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා ආසාදිතයෙකු බව හදුනා ගැනීමත් සමඟ ඇය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට කොවිඩ් ආසාදනය වී නොමැති ඒ මහතාගේ මාධ්‍ය අංශය පවසයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු එතුමාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ පවුලේ සාමාජිකයන්ටද ඇතුළු කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනයෙහි යෙදෙන්නට සිදුවිය.

ඒ අනුව, අමාත්‍යවරයා සහ පවුලේ සාමාජික පිරිසත්, ඔහුගේ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වී ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *