• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුතුරාජවෙල සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කරන්නැයි අමරවීරගෙන් ලේකම් ජාසිංහට උපදෙස්

20 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුතුරාජවෙල පරිසර හානිය පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට විද්වත් කමිටුවක් පත් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කවල පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් වන තෙත් අභයභුමියක් වන මුතුරාජවෙළ ගොඩ කරමින් හා එයට අපද්‍රව්‍ය බැහැර කරමින් ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පාරිසරික විනාශය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කළ යුතු බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.

එක්තරා පුද්ගලයෙක් විසින් සමාගමක් යැයි පවසමින් දැනට මුතුරාජවෙළ තෙත් බිමේ අක්කර 700ක් පමණ අත්පත් කර ගෙන සිටීම හා වෙනත් පුද්ගලයින් විසින් ද ඒ අනුව යමින් මුතුරාජවෙළට සිදු කරන විනාශය සුළුපටු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමනිසා එම පුද්ගලයින් විසින් මෙතෙක් මුතුරාජවෙළ තෙත් අභයභූමියට සිදු කර ඇති පරිසර හානිය සම්බන්ධව පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ සම්බන්ධව පුළුල් දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී තිබේ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මුතුරාජවෙළ විනාශ කරමින් සිදු කෙරෙන අනවසර ගොඩ කිරීම් හා අත්පත් කර ගැනීම් සම්බන්ධව පසුගියදා ප්‍රකාශයක් කර තිබිනි.

උන්වහන්සේ පවසා ඇති පරිදිම දැනට යම් පුද්ගලයෙක් විසින් සිදු කර ඇති නීතිවිරෝධී අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමින් මුතකුරාජවෙළ සිදුවන විනාශයෙන් බේරා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අදාල වාර්තාවෙන් යෝජනා කරන ලෙසද අමාත්‍යවරයා දන්වා ඇත. මෙම කමිටුව ඉතා කඩිනමින් පත් කළ යුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

මේ අතර අමාත්‍යවරයා මින් මාස කිහිපයකට පෙර මුතුරාජවෙල තෙත් අභයභූමියේ සිදු කෙරෙන නීතිවිරෝධී ක්‍රියා සොයා බැලීම සඳහා එහි නිරික්ෂණ චාරිකාවක නිරත විය. එහිදී පෙනී ගිය කාරණයක් වුයේ පාතාලයේ මැරයින් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයින් හා රජයේ නිලධාරින් ද මුතුරාජවෙළ විනාශ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

 

Post Views: 6
Previous Post

කොහොඹ ගසේ පොතුවලට ඇති වු ආරවුලින් අයෙකු මරුට

Next Post

චමල්ගේ අමාත්‍යංශය වසා දමා නෑ

editor

editor

Next Post

චමල්ගේ අමාත්‍යංශය වසා දමා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved