27 April 2024
#දේශීය

චමල්ගේ අමාත්‍යංශය වසා දමා නෑ

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් හමුවීමත් සමඟ එම අමාත්‍යංශය වසා දමා ඇති බවට පැවැති යන ප්‍රවාරණය අසත්‍ය බව එම අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනා ගෙන ඇති නමුත් එම ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොසු කර ඇත. කෙසේ වෙතත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ද හඳුනාගෙන නිරෝදානයට යොමු කර ඇති බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වන විට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ තුල සෙසු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සෞඛ්‍යාරක්ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ත් අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි අඛණ්ඩව සිදු කරන බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *