අම්බලන්තොට පොලිස් වසමේ බෝලාන – කොග්ගල්ල මාර්ගයේ ඔයිලාන හන්දිය අසලදී ඊයේ (09) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 15 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ 15 හැවිරිදි සිසුවකු බැරගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලීසිය පවසයි. තුවාල ලැබූ යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත මාරු කර යවා ඇත. මියගොස් ඇත්තේ බෝලාන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. අම්බලන්තොට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














