• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

27 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ පිහිටි තානාපති කාර්යාලය කේන්ද්‍ර කොට ගත් නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටන්‍යා ගොන්ග්රිප් මැතිනිය විසින් ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත ඊයේ ( 26) දින විදේශ අමාත්‍යංශයේ දී පිළිගන්වන ලදී.

ඒ, වාර්ෂිකව පවත්වනු ලබන ‘Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16’ නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහායි.

බැනරය භාර ගත් අමාත්‍යවරයා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පිළිබඳව නැවත අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද විස්තර කළේ ය. ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමුන් සවිබල ගැන්වීම’ නමැති 05 වැනි තිරසාර සංවර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ලිංගික හිංසනය වැළැක්වීම සහ ඊට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වන අනිවාර්ය අංගයක් බව ඔහු හඳුනා ගත්තේය. රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කිරීම යනාදිය සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව හෙතෙම නැවත සඳහන් කළේ ය.

‘Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16’ නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය, 1991 වසරේ දී ආරම්භ කරන ලදී. සෑම වසරකම නොවැම්බර් 25 වැනි දිනට යෙදෙන ‘කාන්තා ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය’ සමඟින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන, දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන ‘මානව හිමිකම් දිනය’ සමඟින් අවසන් වේ. තැඹිලි වර්ණය මගින් දීප්තිමත් අනාගතයක් මෙන්ම, කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා හිංසනයෙන් තොර ලොවක් තැනීම යනාදිය නිරූපණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගෝලීය වශයෙන්, එනම් ඇස්තමේන්තුගත කාන්තාවන් මිලියන 736 න් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු සිය සමීප සහකරු, සමීප සහකරු නොවන අයෙකු හෝ මෙම දෙපාර්ශ්වයම මගින් සිය ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇත. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයේ අවදානම උග්‍ර වී ඇත.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා (පා.ම) සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය.

 

Post Views: 1
Previous Post

ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කරමින් සිටි අයෙකු වැටි මියයයි

Next Post

නිදහස් පක්ෂයට ඇමැති ප්‍රසන්න ආණ්ඩුවෙන් යන්න කියයි

editor

editor

Next Post

නිදහස් පක්ෂයට ඇමැති ප්‍රසන්න ආණ්ඩුවෙන් යන්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

නිහඬ කළ තනි තරුව ප්‍රේමකීර්ති ඝාතනය ගැන වසර 36ට පසු ධර්මන් කතා කරයි

9 September 2025
පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ජකර්තා මෙහෙයුම් දර්ශන එළියට (video)

9 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

නවතම iPhone මාදිලිය එළි දැක්වේ

10 September 2025
අද තරමක තද වැසි

අද වහින්නේ මෙහෙමයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved