27 April 2024
#දේශීය

ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කරමින් සිටි අයෙකු වැටි මියයයි

කොටුව, බාරොන් ජයතිලක මාවතේ ඊයේ (26) අලුයම කාලයේදී ගපුර් ගොඩනැගිල්ලේ ඉහත මහලයෙන් පුද්ගලයෙකු බිමට වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන අතර ඊයේ දින ඉහල මහලයේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටියදී නාවික හමුදා සෙබලෙකු බිමට වැටි බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 34 ක් වු කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *