ඇඹිලිපිටිය, තෝරකොළයාය ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවකු අසල තිබූ පොකුණකට ඇද වැටී මියගොස් තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීම එම මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවලද සටහන්ව ඇති බව වාර්තා වේ.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමේ චෝදනාව මත අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය පොලීසිය මගින් ක්‍රියාත්මකයි.













