• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අම්රිතා හඳුන්කූරු සිය ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

3 April 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන අම්රිතා හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින් දේශීය වෙළඳපොල තුල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ඉහළම ආරක්ෂාව, ගුණාත්මකබව සහ පාරිසරික ප්‍රමිතීන්ට අනූකූලව නිෂ්පාදනය සහතික කරමින් පිරිනමා ඇති මෙම සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ඩාර්ලි බට්ලර් සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුවිය.

අම්රිතා හඳුන්කූරු නිෂ්පාදනය 2011 වසරේ සිට ආරම්භ වූ අතර, එතැන් සිට උසස් තත්වයේ සහ අද්විතීය සුවඳ දුම් සිය නිෂ්පාදන සඳහා යොදා ගනිමින් සහ ආකර්ෂණීය මිල ගනන් යටතේ නිෂ්පාදනයන් පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් දේශීය වෙළෙඳපොල තුළ සුවිශෙෂ පෙරළියක් සිදු කිරීමට සමත් විය. ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයන් ලබාදීම වෙනුවෙන් නිරන්තරව කැපවෙන අම්රිතා නිෂ්පාදන මෙලෙස SLS සහතිකයෙන් පිදුම් ලැබීම, දශකයකට අධික කාලයක් පුරා විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔවුනගේ කැපවීම සහතික කිරීමක් ද වනු ඇත.

මෙම අද්විතීය ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දක්වමින් ඩාර්ලි බට්ලර් සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලාංකීය සුවඳදුම් නිෂ්පාදන වෙළෙඳපොලේ SLS ප්‍රමිති සහතිකය හිමිකරගත් පළමු නිෂ්පාදකයා වීමේ අවස්ථාව අපට ලැබීම සම්බන්ධයෙන් අම්රිතා සන්නාමය හිමි ආයතනය විදිහට අපට තිබෙන්නේ අභිමානයක්. වසර ගණනාවක් පුරා අපේ නිෂ්පාදනවල ගුණාත්මක බව සහ ආරක්ෂාව සහිතික කිරීම වගේම එම තත්වය පවත්වා ගැනීමට අප සිදුකළ කැපවීම මෙයින් සහතික කරනවා.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “දැනටමත් අපි එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් වලට අම්රිතා හඳුන්කූරු අපනයනය කරන අතර මෙම විදේශීය වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කර ගැනීම අපේ අපේක්ෂාව වෙනවා. එම කාර්යයේදී මෙම සුවිශේෂ ජයග්‍රහණය නිෂ්පාදනයේ ගුණාත්මක බව වෙනුවෙන් අපේ කැපවීම තවදුරටත් සහතික කිරීමක් වෙනවා.“

ගෝලීය වශයෙන් ගුණාත්මක බව සහ සුරක්ෂිතව සහතික කිරීමේ කාර්යයේදී SLS සහතිකකරණය සුවිශේෂී සළකුණක් වන අතර, එය අම්රිතා නිෂ්පාදන වෙත නව අපනයන අවස්ථාවන් උදාකර ගැනීමට සහාය වනු ඇත. වසර ගණනාවක් පුරා නව්‍ය සහ සුවිශේෂී හඳුන්කූරු නිෂ්පාදනය කරමින්, නව වෙළෙඳපොළ අවකාශ ජයග්‍රහණය කරමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදනයේ පෙරගමන් කරුවෙකු ලෙස අම්රිතා අත්කරගත් මෙම ජයග්‍රහණය ආයතනික ජයග්‍රහණ සීමාවෙන් ඔබ්බට යමින් දේශීය හඳුන්කූරු නිෂ්පාදන කර්මාන්තයේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය ඉහළ තලයකට ගෙන ඒමට හැකිවීම ද සුවිශේෂ කරුණකි.

මෙහිදී අදහස් දක්වමින් ඩාර්ලි බටිලර් සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී රසික රණවීර මහතා පැවසුවේ, “Amritha සුවඳ හඳුන්කූරු නිෂ්පාදන වලට SLS සහතිකය හිමිවීම, අපගේ නිෂ්පාදන වල ඉහළම ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිරන්තව කැපවෙන අපේ කණ්ඩායම සිදුකළ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි මම දකින්නේ. ඒ වගේම නිෂ්පාදන ආයතනය විදිහට අප නිෂ්පාදන නව්‍යකරණයෙන් සහ වැඩිදියුණු කිරීම තුළින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉතාම ඉහළින් සම්පූර්ණ කිරීමට අපි නිරන්තරයෙන්ම කැපවෙනවා.”

සීමා සහිත ඩාර්ලි බට්ලර් සමාගම, 1848 දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක වන සමාගමකි. වසර 175ක අද්විතීය මෙහෙවරක නිරත වෙමින් දේශීය ආර්ථිකයේ වර්ධනය උදෙසා කැපවෙමින් සුවිශේෂ කර්යයක් සිදු කර ඇති එම සමාගම, 2023 වසරෙන් ඔබ්බට ද එම කාර්යයේ අඛණ්ඩව නිරතවීම සුවිශේෂ කරුණකි.

පිටපත- PR 

පිටපත – PR

Post Views: 7
Previous Post

රනිල් දිනන තුරු ඡන්දය නොතියා ඉන්න නම් කල්පයකට ඡන්දය තියන්න වෙන්නේ නැහැ – අනුර දිසානායක

Next Post

කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය ඉදිරියටත්

editor

editor

Next Post

කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය ඉදිරියටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved