• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට -අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

28 February 2024
in දේශීය, පුවත්
පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට -අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා “ රටකට මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒවගේම ආර්ථිකය ද ශක්තිමත් විය යුතුයි. මීට අදාළ සැලකිය යුතු බලයක් මහ බැංකුව සතුයි. පසුගිය සමයේ මෙරට කතාබහට ලක්වූ පරාටේ නීතිය සම්බන්ධව කතා කළහොත් එහි දී මහ බැංකුව අවධානය යොමු කර තිබුණේ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට පමණයි. එහිදී රටේ ශේෂ පත්‍රය පිළිබඳව මහ බැංකුව අවධානය යොමු කළා ද යන ගැටලුව බොහෝ පාර්ශ්ව ඉදිරිපත් කළා. ඒ වගේම 22%ක්ව පැවැති කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය 8%ක් දක්වා පහත වැටීම, 38%ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්‍රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. 17 වතාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ගැනීමට අපට සිදුවුණා. එසේ කළත් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි වී තිබෙනවා. එහිදී අප විසින් නිරන්තරයෙන්ම සිදුකර ඇත්තේ ආර්ථිකයේ සේවා අංශය පුළුල් කිරීම පමණයි. කර්මාන්ත අංශය නොසලකා හැරීම නිසා නිෂ්පාදන ධාරිතාව අඩු වුණා. රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ගලයන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602ක් පමණ වනවා. එයින් අති බහුතරයක් ගෙවාගැනීමට නොහැකිව බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබෙනවා. මෙම ණය ප්‍රමාණය අප රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාලනයක් නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උදාවුණා. මෙහිදී ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් අප ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම මතය තුළ සිටිනවා. ඒ වගේම අපට මූල්‍ය සහයෝගය ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. බැංකුව හරහාම ණය ලබාදීමේ දී පවතින ගැටලුව වන්නේ, ලැබිය යුතු අයවලුන් සඳහාම ණය ලබාදීම සිදුවනවා ද යන්නයි. ඒ නිසා මෙම ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරණය කළා. ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට ද අප බලාපොරොත්තු වනවා යැයි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 8,462
Previous Post

හෙට්ටිපොල ගොවි ජනපදයේ වි අස්වනු නෙලිම් ආරම්භ කෙරේ

Next Post

කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර

editor ttvnews

editor ttvnews

Next Post
කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු – දිලිත් ජයවීර

කිරි හරකාත් විකුණන් කන ජාතියක් නොවී අපි ව්‍යවසායකත්ව රාජයක් ගොඩනගමු - දිලිත් ජයවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved