27 April 2024
#පුවත් #විලාසිතා

හෙට්ටිපොල ගොවි ජනපදයේ වි අස්වනු නෙලිම් ආරම්භ කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හෙට්ටිපොල ගොවි ජනපදයේ වි අස්වනු නෙලිම් සිදු කරන අතර නාඩු වි කිලෝවක මිල 80.ත් 85ත් අතර සහ සම්බා වි කිලෝවක මිල 100ක් -110ක මිලක් පෞද්ගලික වි මෝලි හිමියන් විසින් මිලදි ගන්නා බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

නමුත් රජයේ වි මිලදි ගැනිම් සදහා මේ වන විට වැඩපිළීවෙලක් නොමැති බවත් අදාළ වි මිලදි ගැනිම් සදහා පෞද්ගලික වි මෝලි හිමියන් හෝ මිලදි ගැනිම නිසා තමන්ට සහනයක් ලැබෙන බවත් ගොවිහු කියයි.

වි අස්වනු නෙලිම් සදහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර සදහා අධික වියදමක් දැරිය යුතු බවත් සේවක කුලියද වැඩි විම නිසා පොහොර ඇතුලු අනෙකුත් පිරිවැය වැඩිවිම නිසා අදායස ප්‍රමාණවත් නොවන බවද ගොවිහු කියයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *