• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක් -ජනපති

21 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දුන්නේය.

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කර එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුනක කාලය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අද මෙම ස්ථානයට පැමිණි විට තවත් කුරුලු උද්‍යානයක් මට සිහිපත් වුණා. හය වන පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ දී මෙලෙසින් සකස් කර තිබූ කුරුලු උද්‍යානයක් තිබු බව ඉතිහාසයේ සදහන් වෙනවා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා එම කුරුලු දූපතේ අද වන විට පාර්ලිමේන්තුව ස්ථාපිත කර තිබෙනවා .මෙම කුරුලු උද්‍යානය ඉදිකිරීමේ දී වසර 20ක කාලයක් විඳි දුක පිළිබඳ කෝට්ටේගොඩ මහතා සඳහන් කළා. කෙසේ හෝ කෝට්ටේගොඩ මහතා අද මෙම ජාත්‍යන්තර කුරුලු උද්‍යානය රටට දායාද කර තිබෙනවා. එතුමා ප්‍රකාශ කළා සිංගප්පූරුවේ ජුරෝන් බ්ර්ඩ් කුරුලු උයන ආදර්ශයට ගෙන මෙම ජාත්‍යන්තර කුරුලු උයන නිර්මාණය කළා කියලා. මේ සමඟ මහනුවර පුරවරයේ සංචාරක වටිනාකම තවත් වැඩි වී තිබෙනවා. සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට නම් ආයෝජන අවස්ථා වැඩි කළ යුතුයි. ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අනුමැතිය ලබා ගැනීමට වසර 10ක කාලයක් ගතවෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා. ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ. ආයෝජන මණ්ඩලය හා අපනයන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත් කරලා එක් ආයතනයක් මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ වැඩ පිළිවෙළකට යොමු විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට දිලුම් අමුණුගම ඇමතිවරයාට පවරා තිබෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමට නියමිතයි. ඒ අනුව එය ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේම අපේ රටේ සංචාරක කර්මාන්තයට වටිනාකමක් ලබා දෙමින් මෙම කුරුලු උයන ජාතියට දායාද කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

Post Views: 3
Previous Post

ඓතිහාසික සෙංකඩගල පුරවරයට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්

Next Post

විපක්ෂයේ විරෝධය නිසා පාර්ලිමේන්තුවේ හෙට දක්වා කල් දැමේ

editor

editor

Next Post

විපක්ෂයේ විරෝධය නිසා පාර්ලිමේන්තුවේ හෙට දක්වා කල් දැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved