27 April 2024
#දේශීය

විපක්ෂයේ විරෝධය නිසා පාර්ලිමේන්තුවේ හෙට දක්වා කල් දැමේ

ඡන්දය පවත්වන්න ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වනවිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කථානායකවරයාගේ අසුන අසල විරෝධතා පුවරු ඔසවමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධතාවයේ නියැලෙයි. එම විරෝධ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වු හෙයින් සභාව හෙට දිනය තෙක් කල් තැබිමට කථානායකවරයා තීරණය කලේය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ රැස් වු අතර එය ලබන 24 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *