• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා – ජනපති

26 April 2024
in දේශීය, පුවත්, සංවර්ධන
යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (25)එක්වෙමිනි.

ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා. මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒවගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ. මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ‍. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා. ඔබට දියුණු කළ හැකි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන තිබෙනවා. ඉදිරි දශකය තුළ කොළඹ ජනාධිපති මන්දිරය මාදිවෙල ප්‍රදේශයට ගෙන යාමට නියමිතයි. ඒ සමඟ කොළඹ ජනරජ චතුරශ්‍රය, නාවික හමුදා මූලස්ථානය, පරණ ජැටිය, රේගු මන්දිරය සහ මහ තැපැල් කාර්යාලය ආදී ස්ථාන සියල්ලම කොළඹ සංචාරක නගරයේ අංගයන් ලෙස සංවර්ධනය කළ හැකියි. මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය ඔබට මතක බව මා සිතනවා. එදා හිටපු ජනාධිපතිවරයාගේ කාර්‍යාලය වටලා අරගලයක් දියත් වුණා. ජනතාව ඒ සඳහා යොමු වුණේ ආර්ථිකය බිඳ වැටී තිබු නිසයි. නමුත් කඩා වැටුණ ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩනැඟීමට අපට හැකි වුණා. මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල් නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි. කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම් . ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 16,962
Previous Post

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩල නියෝජිතයින් හා සුව ඇමති අතර විශේෂ සාකච්ජාවක්

Next Post

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

ගුවන් අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළට

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved