6 May 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කෙරිණ.

එම සංසදය සදහා නව නිලධාරී මඩුල්ලක් තෝරා පත්කරගැනීම සදහා ඊයේ (25) දින පාර්ලිමේන්තුවේදී පැවති මංගල රැස්වීමේදී මෙම තෝරා පත්කර ගැනීම සිදුවිය.

එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ යන මහත්වරු තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරු ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යන මහත්ම මහත්මීහූ තේරී පත්වූහ.

තවද සංසදයේ සම කැඳවුම්කරුවන් ලෙස වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන මහත්වරු ද තේරී පත්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රාජිත සේනාරත්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. එසේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *