• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරියේ දී දරුවන්ට විභාග බරෙන් නිදහස් අධ්‍යාපනයක් – අධ්‍යාපන අමාත්‍ය සුසිල්

2 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාර්ෂික ජාතික ගණිත සරණිය තරගයෙන් ජයගත් සිසු සිසුවියන් සඳහා පැවති ත්‍යාග සහ සම්මාන ප්‍රදානෝත්සවයේදී ය. මෙම උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අතර ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත සම්මේලනය මෙය සංවිධානය කරන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල විශ්ව දැනුම ලැබිය හැකි තෝතැන්නක් වන පරිදි පාඨමාලා තාක්ෂණිකව පූර්ණ නව්‍යකරණයකට හා යාවත්කාලීන කිරීමකට ලක් කළ යුතු බව සඳහන් කළේ ය. පෙරපාසලේ සිට ම පාසල් පන්ති කාමරය හරහා මේ පරිවර්තනීය වෙනස සිදු විය යුතු බවත් පෙරපාසලේ දී කුතුහලයෙන් පරිසරය නිරීක්ෂණයට ලැබෙන අවකාශය පුළුල් වන තරමට පන්ති කාමරයේ දී ප්‍රශ්න විමසමින් දැනුම් මූලාශ්‍ර හඹා යමින් ගවේෂණාත්මක නිදහස් අධ්‍යාපනයක නිරත වීමට දරුවන්ට අවස්ථාව හිමි වන බවත් හෙතෙම පැවසී ය.
‍
විශ්වවිද්‍යාලයේ දී විශ්ව දැනුම හා මුසු වී සමාජයට ප්‍රතිඵල දායක නිර්මාණ බිහි කිරීමට හැකි වන්නේ එවන් ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයක නියැලීම මත බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙරට අතීත දැනුම තුළ ද මෙම නිර්මාණශීලී තාක්ෂිණික දැනුම ප්‍රායෝගික ව භාවිතයට ගනිමින් රුවන්වැලිසෑය වැනි නිර්මාණ බිහි කර ඇති බවත් මේ සියල්ල නිරීක්ෂණ, ගවේෂණ හරහා මෙරට අධ්‍යාපන ක්‍රමයට අන්තර්ගත කළ යුතු බවත් අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

මෙරට බොහෝ උපාධි ලැබීමෙන් පසු වෘත්තියක නියැලීම සඳහා තවත් පුහුණුවක් ලබා දිය යුතු ව ඇති අතර උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිට වන විට ම වෘත්තියක නියැලීමට හැකි වන පරිදි වෘත්තීය නිපුණතාවලින් සමන්විත උපාධි පාඨමාලා කරා අපේ අධ්‍යාපනය යොමු නොවන තුරු උද්ඝෝෂණ නොවැලැක්විය හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා දියුණු රටවල ජීවවිද්‍යාව සමග දරුවන්ට මනස සමබර කරවීමට ඉවහල් වන සංගීතය විෂයක් ලෙස හැදෑරීමේ නිදහස පවතින අතර සංගීතය ඉගෙනීමේ දී ගණිත විෂය අත්‍යවශ්‍ය වන බවත් පෙන්වා දුන්නේ ය.

නව තාක්ණය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් මීට දශක දෙකකට පෙර වසර 10ක් ලෙසින් පැවති දැනුම දෙගුණ වීමේ කාලය අද වසර දෙකක් දක්වා ශීඝ්‍රයෙන් අඩු වී තිබෙන අතර අනිකුත් බොහෝ විෂයන්හි රඳාපැවැත්ම තීරණය කෙරෙන ගණිත විෂයේ වේගවත් ප්‍රවර්ධනයට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා සිය අරමුණ තමන්ට අහිමි වූ බොහෝ දේ මෙරට දරු පරපුරට ලබා දීම බව ද පැවසුවේ ය

Post Views: 16
Previous Post

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

ගජමුතු 07ක් සමග මාතලේ ස්ථාන දෙකකදි සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ගජමුතු 07ක් සමග මාතලේ ස්ථාන දෙකකදි සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved