27 April 2024
#දේශීය

ගජමුතු 07ක් සමග මාතලේ ස්ථාන දෙකකදි සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

යුධ හමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු බුද්ධී තොරතුරක් අනුව සැකකරුවන් මෙසේ අත්අංඩගුවට ගෙන ඇති අතර මාතලේ පල්ලේපොල මාදිපොල ප්‍රදේශයේදි සැකකරුවන් තිදෙනෙකු සමග ගජමුතු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය.

මෙම සැකකරුවන් විසින් නිලධාරින් සමග සතියක් තිස්සේ මිල ගණනන් සාකාච්ඡා කරමින් සිට ඇති බවත් විකිණීම සදහා එකගතාවයට පැමිණ ගජමුතුද රැගෙන ආ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියා සිටියේය.

පල්ලේපොලදි අත්අඩංගුවට ගත් පිරිස මැදිරිගිරිය සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

එසේම යුධහමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව ගජමුතු අලෙවි කිරිම සදහා පැමිණී තවත් කණ්ඩායමක සැකකරුවන් පස්දෙනෙකු ගජමුතු සමග මාතලේ නගරයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය අසළදි අත්අඩංගුවට ගත් බවත් ඔවුන් වැලිමඩ හා බන්ඩාරවෙල ප්‍රදේශවල පදිංචි අය බවද පොලිසිය කියයි.

මාදිපොලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹූල්ල මහේස්ත්‍රාත් අධීකරණය වෙත ද මාතලේ දි අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය වෙතද ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මත මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ ස්ථානාධීපති පො.ප ඩබ්.එන් වල්පොල ,උ.පො.ප චාමින්ද,පො.සැ 21423 නලින්ද,පො.සැ 21636 ප්‍රියන්ත,පො.කො 73181 ලයනල්,පො.කො 74224 බණ්ඩාර,‍පො.කො 77615 විරරත්න,පො.කො 83301 උදේශ්,පො.සැ රි.1007 බෝපෙගෙදර යන නිලධාරින්මෙම වැටලිම සිදු කළහ,

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *