27 April 2024
#දේශීය

දයාසිරි ගැන මෛත්‍රිගේ තීන්දුවට අධිකරණයෙන් වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද(08) ප්‍රතික්ෂේප කර තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව නිදහස් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අහියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර විසින් ගොනු කළ පැමිණිල්ල සළකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේම දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබූ සරත් ඒකනායක මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණය නියෝගයක් නිකුත් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *