• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

16 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාර (Startups) පෝෂණය කිරීම, අනුග්‍රහය දැක්වීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අඛණ්ඩව දෙවන වසරටත් සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනී.

ඒ වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමට ICTA හි සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා සහ සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමෙහි තොරතුරු තාක්ෂණ/ඩිජිටල් අධ්‍යක්ෂ සහ ෆෝටූඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන සිරිනන්ද මහතා විසින් පසුගිය දා අත්සන් තබන ලදී.

මෙම උපාය මාර්ගික සහයෝගීතාවයේ ඉලක්කය වන්නේ අත්‍යවශ්‍ය අරමුදල් සහ සහාය ලබා දීම මඟින් මෙරට ආරම්භක නව්‍ය ව්‍යාපාරවල ඉක්මන් වර්ධනයක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය දිරිමත් කිරීම පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

අවබෝධතා ගිවිසුම මඟින් ශක්තිමත් වන Spiration Startup Incubator වැඩසටහන හරහා ආරම්භක අවධියේ තාක්ෂණික ව්‍යවසායකයින් හට මූලික අරමුදල්, පුහුණුව, ජාලකරණ අවස්ථා සහ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා ඇතුළු විවිධ ආකාරයේ සහාය ලබා දෙනු ලැබේ.

නව්‍ය ව්‍යාපාර ආරම්භයේ සිට සෑම අදියරක දී ම ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින්, ආරම්භක නව්‍ය ව්‍යාපාර පාරිසරික පද්ධතියේ සංවර්ධනය සඳහා ICTA විසින් පුළුල් සහ දත්ත මත පදනම් වූ උපාය මාර්ගයක් පිළිගෙන තිබේ. මේ දක්වා ආරම්භක නව්‍ය ව්‍යාපාර 150කට අධික සංඛ්‍යාවකට උපකාර කිරීමට Spiralation මුලපිරීමට හැකි වී ඇති අතර ඒවායෙන් බොහොමයක් ගෝලීය වශයෙන් රටවල් 30කට වඩා වැඩි ප්‍රමාණයකට තම ප්‍රවේශය පුළුල් කර ඇතිවා පමණක් නොව, රැකියා අවස්ථා 1,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ද සාමූහිකව දායක වී තිබේ.

නොවැම්බර් 13 සිට 19 දක්වා ලෝකයේ රටවල් 200කට ආසන්න ප්‍රමාණයක පැවැත්වෙන 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන්නේ ද ICTA ආයතනයයි. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පර්යේෂකයන් අතර සහයෝගීතාව සහ සම්බන්ධතා ශක්තිමත් කරමින් රට තුළ ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් මෙහෙයවීමට සහ සවිබල ගැන්වීමට එම ආයතනය කැප වී කටයුතු කරයි.

ICTA යනු ජාතියේ ඩිජිටල් සංවර්තනය මෙහෙයවන ප්‍රමුඛතම ආයතනය බවත්, ICTA හි ඩිජිටල් ආර්ථික අංශය යටතේ, සිය අපේක්ෂාව වන්නේ 2025 වසර වන විට ආරම්භක නව්‍ය ව්‍යාපාර 1,000ක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආරම්භක නව්‍ය ව්‍යාපාර සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම, දිරිමත් කිරීම සහ පිටුබලය ලබා දීම බවත් මහාචාර්ය රණසිංහ මහතා මෙහි දී පැවසීය. ජාතියේ ප්‍රගමනය සඳහා වූ එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා සීමාසහිත බ‍්‍රැන්ඩික්ස් ඇපරල් සමාගමේ සහාය ඉවහල් වනු ඇති බවත්, ඒ වෙනුවෙන් එම සමාගම සමඟ එක් වීමට ලැබීම ගැන සතුටු වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Spiralation වැඩසටහන යටතේ තෝරාගත් ආරම්භක නව්‍ය ව්‍යාපාර සඳහා විශේෂඥ මගපෙන්වීම, පුහුණුව සහ උපදේශනය සැපයීමට අමතරව සමස්තයක් ලෙස මිලියන 10ක අරමුදල් සැපයීමට ද සීමාසහිත බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම කැපවී සිටියි.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව සිරිනන්ද මහතා අවධාරණය කළේ, බ්‍රැන්ඩික්ස් හි ඩිජිටල් යටිතල පහසුකම් සිය පාරිභෝගිකයින්ට නව්‍ය විසඳුම් ලබා දීමේ දී ප්‍රමුඛ වන බවත්, තරගකාරී මිල ගණන් යටතේ උසස් නිෂ්පාදන ලබා දීමේ දී තාක්‍ෂණයට සිය මෙහෙයුම් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව අඛණ්ඩව ගවේෂණය කරමින් සිටින බවත් ය. සමාන අදහස් ඇති රාජ්‍ය ආයතනයක් වන ICTA සමඟ සහයෝගී හවුල්කාරිත්වයකට එළැඹීමට ලැබීම ගැන සතුටු වන බවත්, එම ඒකාබද්ධ ප්‍රයත්නයන් ශ්‍රී ලාංකේය තාක්ෂණ ව්‍යවසායකයින්ගේ අදහස් උද්දීපනය කිරීමට උපකාරී වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ICTA හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉන්ජිනේරු නලින් කරුණාසිංහ, ICTA හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා, බ්‍රැන්ඩික්ස් හි ඩිජිටල් සංවර්තන ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඕෂධ සේනානායක යන මහත්වරුන්, ICTA සහ බ්‍රැන්ඩික්ස් ආයතන නියෝජනය කරන නිලධාරීන්, තාක්ෂණික ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.

 

 

 

ICTA Forges Strategic Alliance with Brandix to Fuel Sri Lanka’s Startup Ecosystem

In a resolute commitment to catalyzing Sri Lanka’s vibrant Startup Ecosystem, the Information and Communication Technology Agency (ICTA) of Sri Lanka proudly announces the renewal of its partnership with Brandix Apparel Limited for the second consecutive year. This strategic alliance aims to significantly bolster startups by providing essential funding and fostering their swift expansion. The primary focus is to fuel technological entrepreneurship within Sri Lanka, propelling its future digital economy.

Under the umbrella of the Spiralation Startup Incubator, early-stage tech entrepreneurs receive comprehensive support. The initiative encompasses seed funding, specialized training, networking opportunities, and avenues for business promotion on both local and international fronts.

The memorandum was signed by Professor Malik Ranasinghe, Chairman of ICTA, and Arjuna Sirinanda, the Managing Director of Fortude and Director – IT/Digital of Brandix, on October 30, 2023.

As the national host of Global Entrepreneurship Week Sri Lanka, running from November 13th to 19th, ICTA remains committed to driving entrepreneurial endeavours within the country.

ICTA has embraced a comprehensive, data-driven strategy for the development of the startup ecosystem, providing support to entrepreneurs at every stage of the startup lifecycle, from ideation to growth. The Spiralation initiative has been instrumental in aiding over 150 startups to date. Many of these startups have not only expanded their reach to more than 30 countries globally but have also collectively contributed to the creation of over 1,000 job opportunities. Brandix Apparel Ltd. has committed to funding a total of 10 million, in addition to providing expert guidance, training, and mentoring for selected Spiralation startups. This partnership aims to offer vital financial support to burgeoning startups in their journey towards development and growth.

Professor Ranasinghe expressed, “ICTA stands as the foremost entity driving the nation’s digital transformation. Under the Digital Economy Pillar, our goal is to promote, encourage, and back technology-focused startups and innovation in Sri Lanka, aiming to establish 1,000 startups by 2025. We are thrilled to join forces with Brandix, whose support will be instrumental in realizing this vision for our nation’s advancement.”

In response to the memorandum, Mr. Sirinanda highlighted, “At Brandix, our digital infrastructure is pivotal in delivering innovative solutions to our customers. Continuously exploring how technology can enhance our operations to offer superior products at competitive prices is our ongoing commitment. With this in mind, we are pleased to enter into a collaborative partnership with ICTA, a like-minded governmental organization. Our joint efforts will serve to incubate the ideas of Sri Lankan technology entrepreneurs, potentially fostering the creation of world-class digital solutions.”
Eng. Nalin Karunasinghe, Board Member of ICTA, Mr. Mahesh Perera, CEO of ICTA, Mr. Oshadha Senanayake, COO – Digital Transformation at Brandix, along with officials representing ICTA and Brandix Apparel Limited, and a group of technological entrepreneurs were also in attendance for this significant occasion.

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකා රතුකුරුස සමාජය මඟින් මාතර ජනතාවට ආපදා සහන වැඩසටහනක්

Next Post

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුවයි – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුවයි - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved