මනුෂ්‍යත්වයට ගරු කරන රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වත්මන් රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බැවින්, සියලු දෙනාටම එම පීල්ලට පැමිණීමට සිදුවන බව කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹදී පැවැති කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ සමුළුවක් අමතමින් ඔහු අවධාරණය කළේ, රජය ලැබූ ජනවරම පෞද්ගලික අරමුණු වෙනුවෙන් භාවිත නොකරන බවයි. හිටපු රජයන් කටයුතු කළ ආකාරයට ඇමතිවරුන්ට හිතුමතේ දේ කිරීමේ සංස්කෘතිය මෙරටින් අවසන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














