• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිවිධ හමුදා කඳවුරු ආරක්ෂිත බව තහවුරු කරන්න තවත් ජනාධිපති කාර්‍ය සාධක බලකායක්

27 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය ආරක්ෂිත බව  තහවුරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර ඇත.

හමුදා  කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව  ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත. 

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. 

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි විශේෂඥ කණ්ඩායමට පැවසූ ජනාධිපති  කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය. 

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ඩ්ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ. 

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා,  සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න  සාකච්ඡාවට එක්ව සිටියහ.

නිරෝධායනයට පාසල් නෑ – හමුදාපති 

මේ අතර කඳවුරු ඉඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් ඒ හැර කොළඹ පාසල් නිරෝධායන කටයුතු සඳහා යොදානොගන්නා බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කෙසේ වෙතත් සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා බවත් එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවත් හමුදාපති වැඩිදුරටත් සඳහන් කර ඇති අතර  ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමුකළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙත යොමු නොකරන බවත් පවසා ඇත.

Post Views: 1
Previous Post

කොරෝනා රෝගීන් ගැන රූගත කිරීම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

Next Post

කොවිඩ් පාලනයට ප්‍රධාන කරුණු 5ක් – ලංකාව තෙවන අදියරේ

editor

editor

Next Post

කොවිඩ් පාලනයට ප්‍රධාන කරුණු 5ක් - ලංකාව තෙවන අදියරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved