27 April 2024
#දේශීය

කොවිඩ් පාලනයට ප්‍රධාන කරුණු 5ක් – ලංකාව තෙවන අදියරේ

ඇඳිරි නීතිය සීමා ලිහිල් කෙරුණත් වසංගතය ව්‍යාප්තවීම වලක්වා ගැනීමට  ප්‍රධාන කරුණු 5ක් විශේෂඥයින් හඳුන්වාදී ඇත.

මේ බව සඳහන් කලේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ   වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතායි. ඒ විද්‍යුත් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින්ය.

අදාළ කරුණු

“අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරට නොගොස් නිවෙසේම රැඳී සිටීම

නිවසින් බැහැරවන සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළදීම.

මුහුණ ඇල්ලීමෙන් වැළකීම සහ වරෙකදී තත්පර 20 ක් හොඳින් දෑත් සේදීම.

සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් එකිනෙකා අතර අවම ,මීටරයක පරතරය පවත්වාගැනීම.” යන කරුණුය.

ලංකාව 3 අදියරේ 

එසේම  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අවධාරණය කර සිටියේ  ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා ව්‍යාප්තියේ තුන් වන අදියරේ බවයි.

එනම් පොකුරු වශයෙන් තැන් තැන් වලින් ආසාදිතයින් හඳුනාගන්නා අවස්ථාවේය.

එම සෑම රෝගියෙකුටම වෛරසය ආසාදනය වී තිබෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න තවමත් හඳුනාගත හැකි බවත් සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට තවමත් මෙරට පැමිණ නැති බවත් ඒ මහතා පවසයි.

එම අදියරට එනම් සිව්වන අදියරට පැමිණිය හොත් රෝගීන් රැක බලා ගත හැකි ධාරිතාවය ඉක්වමිය හැකි බවත් එම තත්ත්වයට ඒම වැළැක්විය හැක්කේ හැකිතාක් සංචරණය අඩු කර ජනතාවගේ සහයෝගය ඇතුව බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *