• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය කල්දාන්න රනිල්ට ඉඩ නොදෙන බව අනුර දිසානායක කියයි

13 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් පාලන මැතිවරණය වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ දරන ලද ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සියල්ල අද වන විට අවසන් වී තිබෙන බවත් ව්‍යවස්ථා විරේධී නීති විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා ලද සියලු ලජ්ජාසහගත ක්‍රියාමාර්ග මේ වන විට අවසන් වී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබෙන බවට සුබවාදී බලාපොරොත්තු තබාගත හැකියි. මෙම මැතිවරණය වැළැක්වීමට නීත්‍යානුකූලව තිබෙන්නේ ආකාර දෙකයි. පාර්ලිමේන්තුව විසින් නව නීති සම්පාදනයක් සිදුකර ගැනීම සහ අධිකරණයකින් නියෝගයක් ලබාගැනීම යන දෙයාකාරයයි. එළඹෙන පාර්ලිමේන්තු සැසිය සඳහා පක්ෂ නායක සහභාගිත්වයකින් වැඩසටහනක් සකස් කර තිබෙනවා. එම වැඩසටහන අනුව 18වැනිදා මැතිවරණයක් සඳහා වියදම් සීමා කිරීමේ පනතක් ඉදිරිපත් කර තිබෙනවා. මැතිවරණ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබියෙදී ගෙනැවිත් තිබෙන මෙම පනත් කෙටුම්පත සහ දැනට තිබෙන පනත අතර, යම් ගැටුමක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මෙම පනතෙන් පසුව ක්‍රියාත්මක කිරීමේ නියෝග සකස් කිරීම සඳහා යම් කාලයක් ගත වනවා. මේ පිළිබඳව සලකා බලා නීති වෙනස් කිරීමට මේ අවස්ථාවේ කටයුතු කිරීම සාධාරණ නොවන බව අප විසින් පෙන්වා දුන්නා. අප පෙන්වා දුන් කරුණු පිළිබඳව සභානායකතුමා එකඟ වුණා.

ඒ අනුව මේ පනත ගෙන ඒම 19 දාට කල්දැමීමටත් මේ පනතට අන්තර්කාල විධි විධානයක් ගෙනඑමින් දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණයට එය අදාළ නොවන සේ කටයුතු කිරීමටත් සභානායකතුමා එකඟ වුණා. ඒ වගේම කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීමක් සිදුනොකර කල්තැබීමටත් එකඟ වුණා. මැතිවරණය කල්දැමීම සඳහා පාර්ලිමේන්තුව තුළ ගත හැකි අවසන් ක්‍රියාමාර්ගයත් ඒ අනුව දැන් පරාජයට පත්වී තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී සභානායක සුසිල් ප්‍රේමජයන්ත දෙන ලද එකඟතාවයන් ඒ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් රකීවි යැයි අපි විශ්වාස කරනවා. පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ප්‍රධානියා සභානායකවරයායි. මේ නිසා ඔහු අවධාරණයෙන් ලබාදී තිබෙන එකඟතාවය අනුව මෙම වියදම් සීමා කිරීමේ පනත ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණයට අදාළ නොවන ලෙස ප්‍රතිපාදනයක් ගෙනඒම හෝ කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීම කල්දැමීම සිදුකරයි කියලා අපි විශ්වාස කරනවා. අනික් අයට සුජාතභාවයක් හෝ වගකීම් සහිතභාවයක් නැතත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත අපට දී තිබෙන එකඟතාවය අනුව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.

මේ නිසා මැතිවරණය කල්දැමීම සඳහා පාර්ලිමේන්තුවෙන් තිබෙන සියලු අවස්ථා දැන් අවසන්. ඒ වගේම ඉතිරි වී තිබෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව මෙයට පෙර අධිකරණය විසින් ලබාදී තිබෙන තීන්දු දෙකක් අනුව සිදුකළ නොහැකියි. මහජනයා විසින් විධායක ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත කාලය කිසිසේත්ම දීර්ඝ කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන සහ පළාත් සභා පාලනය කිරීම සඳහා නිලධාරීන්ට බලය පැවරිය නොහැකි බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබෙනවා. මේ නිසා පූර්ව නඩු තීන්දු මත පිහිටා ක්‍රියාකිරීමෙන් අධිකරණය මගින් මැතිවරණය කල්දැමීමට ඇති අවස්ථා අහිමි වී ඇති බව අපේ විශ්වාසයයි.

නමුත් ආණ්ඩුව වෙනත් කැලෑ පාරවල් තෝරමින් තිබෙනවා. එක කැලෑ පාරක් වුණේ පසුගියදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් බව කියා, ඇප මුදල් තැන්පත් කිරීම භාර නොගන්නා ලෙස ඉල්ලීමක් කර තිබීමයි. සැබැවින්ම කැබිනට් මණ්ඩලය මෙවැනි තීන්දුවක් ගත්තාද කියා මම දැනගන්න කැමතියි. ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, ව්‍යවස්ථා සම්පාදකයන්, ව්‍යවස්ථා නීති විශාරදයින් ඉන්නවා යැයි කියන කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී තීන්දුව ගන්න හවුල් වුණාද කියලා රටට කියන්න ඕනෑ. අලි සබි ජනාධිපති නීතිඥවරයා, අධිනීතිඥ විජේදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා වගේ නීතිය පිළිබඳව විශාරදයින් හැටියට කටයුතු කරන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් කැබිනට් මණ්ඩලයේ මෙම තීන්දුව ගැනීම සඳහා හවුල් වුණාද කියලා රටට කියන්න ඕනෑ. ඒ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී තීරණය අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරුන්ට නාම යෝජනා ඇප මුදල් භාර නොගන්නා ලෙසට දන්වා යවා තිබුණා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙක්. නීල් හපුහින්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මෙම නීති විරෝධී තීරණය අවුරුදු තුනක් සිරදඬුවම් ලබාදිය හැකි වරදක්. නීල් හපුහින්නගේ මෙම ක්‍රියාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මේ වන විටත් අපි නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ ඡන්දය වැළැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහගේ කැත ලැජ්ජාසහගත හොර පාරවල් තේරීමත් අවලංගු වී තිබෙනවා. දැන් ඡන්දය වැළැක්වීමට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ජනාධිපතිගේ උපදේශකවරයෙක් සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙක් මූලික වී දියත්කර තිබෙනවා. ඡන්දය කල්දැමීම සඳහා අවශ්‍ය ජන මතය සකස් කිරීමට දියත්කර තිබෙන ප්‍රචාරක ව්‍යාපාරයේ සියලුම සැලසුම් මට ලැබී තිබෙනවා. සල්ලි නැති බව, සහනාධාර කප්පාදු වෙන බව, ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් තිබෙන පසුබිමක නොකළ යුතු බව වැනි කරුණු එම සැලසුමේ තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්, සංවිධාන ඇතුළු පිරිසකගේ නාම ලේඛනයක් මා ළඟ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ කණ්ඩායම් මේ ප්‍රචාරයට උපයෝගී කර ගත හැකි බව සඳහන් කර තිබෙනවා. මේ ප්‍රචාරය අනුව කංචන විජේසේකර, මනූෂ නානායක්කාර විවිධ ප්‍රකාශ කරමින් යනවා. ඔවුන් කරමින් යන්නේ ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයි.

ආසන්න වශයෙන් ගතහොත් 2022දී ආණ්ඩුවේ සමස්ත ආදායම ට්‍රිලියන දෙකයි. ආසන්න වශයෙන් ගත්තොත් එක් දිනක ආදායම රුපියල් කෝටි 550යි. මේ අවුරුද්දේදී ට්‍රිලියන 3.4ක ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කරනවා. ට්‍රිලියන තුනක් හැටියට ගත්තොත් දවසක ආදායම කෝටි 800 ඉක්මවනවා. ආණ්ඩුව කියන්නේ දවසක ආදායම ඡන්දයට වියදම් කරන්න බැහැ කියලාද? 2022 ආදායම් අනුව ගත්තොත් දවස් දෙකක ආදායම. 2023 ඇස්තමේන්තු අනුව නම් ඡන්දයට වැයවෙන්නේ එක දවසක ආදායම. මේ නිසා සල්ලි නැහැ කියන එක මුළුමනින්ම මිථ්‍යාවක්. මැතිවරණයට රුපියල් බිලියන 10ක් හොයා ගන්න බැරිනම් ආණ්ඩුවට බලයේ සිටීමේ අයිතියක් නැහැ. ආණ්ඩුව ඉවත්වෙන්න ඕනෑ. අනික් පැත්තෙන් මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විකල්ප ගණනාවක් තිබෙනවා. සතියේ දිනෙක මැතිවරණය පැවැත්වීම තුළින් අතිකාල වැනි වියදම් අඩුකර ගත හැකියි. මේ මැතිවරණයේ ඡන්දය ගණන් කරන්නේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ නිසා පැය දෙකකින් පමණ ගණන් කර අවසන් කළ හැකියි. මෙයින් අතිකාල දීමනා විශාල වශයෙන් ගෙවන්න සිදුවන්නේ නැහැ. තව පැත්තකින් රාජ්‍ය සේවකයන්ගේ මැතිවරණ දීමනා ඒ මොහොතේම ගෙවීම් සිදුකරන්නේ නැහැ. මාස හතර, පහ වගේ කාලයක් ඇදෙනවා. ඇමතිවරු කියන්නේ ඡන්දය පැවැත්වුව හොත් පඩි කපන්න සිදුවෙන බවයි. විශ්‍රාම වැටුප, සමෘද්ධිය කපන්න වෙන බවට ගෙනයන ප්‍රචාර බොරු. මේ ඡන්දය වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ දරන ලද ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සියල්ල අද වන විට අවසන් වී තිබෙනවා. ව්‍යවස්ථා විරේධී නීති විරෝධී කැලෑ පාරවල්වලින් ඡන්දය කල්දාන්න රනිල් වික්‍රමසිංහට ඉඩ නොදෙන බව අපි අවධාරණය කරනවා. යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 0
Previous Post

නව අපනයන අවස්ථා උදාකර ගැනීමට ඇති වටිනාම යුගය එළඹී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

Next Post

Uber 2022 වාර්තාවෙන් හෙළිවන ශ්‍රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම්

editor

editor

Next Post

Uber 2022 වාර්තාවෙන් හෙළිවන ශ්‍රී ලාංකිකයන්ගේ රුචි අරුචිකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved