27 April 2024
#දේශීය

නව අපනයන අවස්ථා උදාකර ගැනීමට ඇති වටිනාම යුගය එළඹී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට ඊයේ (12) එක් වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිගයයි. මේ කට විසඳුමක් විදියට දේශීය මධ්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා. විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්. පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා (Milk Punch) කියල තවත් ජාතියකට අවසර දුන්න.  යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *