• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර බඩඉරඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්

14 June 2023
in දේශීය

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (Smallholder Agribusiness Partnerships Programme) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් දස දහසක් (10 000) සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) යටතේ පළමු අදියරේදී බඩ ඉරඟු ගොවීන් සඳහා බිම් සකස් කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම, බීජ නොමිලේ ලබා දීම, තෙල් ඉසින යන්ත්‍ර හා බහු කාර්ය තණ කොළ කපන යන්ත්‍ර ලබා දීම ආදී ආධාර රැසක් ලබා දීම සිදු කෙරිණි.

එහි දෙවන අදියර යටතේ ප්‍රථිලාභයන් මීට පෙර හිමි නොවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන් දස දහසක් (10000) වෙනුවෙන් රුපියල් බිලියනයක ආධාර ලබා දීමට සැලසුම් කර ඇත.මේ යටතේ බඩඉරඟු අක්කර විසිදහසක් ( 20 000) වගා කරවීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ හා හිටපු අමාත්‍යය වීර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ හා කෘෂිකර්ම අමාත්‍යංශ, දෙපාර්තමේන්තු නිළධාරීන් හා කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී මෙම ව්‍යාපෘතිය කඩිනමින්, සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ප්‍රචලිත කිරීම මීට වසර කීපයකට පෙර සිදු කරනු ලැබූ අතර,මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක, දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් දස දහස් ගණනක් බඩ ඉරිඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබයි.

මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. එම බඩඉරඟු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කර, ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

 

අනුරාධපුර – තිසර

Post Views: 12
Previous Post

ණය ගන්නවා වගේම එකේන් ප්‍රයෝජන ගන්නත් දැනගන්න ඕන බව මන්ත්‍රී දුමින්ද කියයි

Next Post

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

editor

editor

Next Post

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved