• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති අයි.ටී.එන් එකට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ සජිත් නෙවෙයි අනුරයි – තුෂාර ඉඳුනිල් 

7 June 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත් කරන්න ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ අනුර කුමාර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර ඩීල් දේශපාලනය සහ රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක තිබෙන ඩීල් දේශපාලනය අද වනවිට සනාථ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු තුනම එකතුවී කඳවුරු බඳිමන් සිටින බවත් තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

මෙම විවාදය ස්වාධීන රූපවාහිනි සේවයේ පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙන බවට වන ලිපියේ පිටපතක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මෙම විවාදයට සම්බන්ධ කරගැනීමේ ගැටලුවක් තිබෙන බවත් මෙම විවාදය පිළිබඳව සිදුවුණ කිසිම සාකච්ඡාවක දෙපාර්ශ්වයම යොමු කළ ලිපි හුවමාරු වලදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධ වුණේ නැති බවත් ස්වාධීන රූපවාහිනි සේවයේ තිබෙන දේශපාලන සාකච්ඡා පවත්වන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාව දැනුම්වත් කරලාද කියන ප්‍රශ්නය මතුවන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ අනුර කුමාර දිසානායකගේ ඩීල් එක මෙයින් හොඳට පැහැදිලි වන බවත් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ‘‘පළමුව ආර්ථික කමිටුව අතර විවාදයත් දෙවනුව නායකයින් දෙපළ අතර විවාදයත් යන කාරණය ජාතික ජනබලවේගය විසින් බැහැර කර ඇතිබවත් ජුනි 6 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවයේ සංවිධානය කර තිබෙන විවාදයට සහභාගි වීමට නොහැකි බවත් විවාදය සඳහා ඉදිරිපත් කළ කිසිදු ඉල්ලුමක් කොන්දේසියක් ඉටු වී නැති බවත් විවාදය සඳහා ස්වාධීන මැදිහත්කරුවෙකු සම්බන්ධ වෙලා නෑ. ඒ නිසා සමගි ජනබලවේගය විවාදයට සම්බන්ධ වෙන්නේ නෑ කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ස්වාධීන රූපවාහිනි සේවයට ලිපියක් යොමු කරනවා. අනුර කුමාර දිසානායකට යම් කීර්ති නාමයක් තිබුණානම් ස්වාධීන රූපවාහිනි සේවයේ පැවැති විවාදයෙන් පසුව ඒ කීර්ති නාමය විනාශ වෙලා ගියා. රනිල් වික්‍රමසිංහගේ ආයතනයක ගිහින් රාජපක්ෂලාගේ ගෝලයොත් එක්ක ගත්ත වින්දනය හිරිකිතයි. ඒ බව රටේ ජනතාවට තේරුම් ගිහින් තිබෙනවා. පළමුව ආර්ථික කමිටුවත් දෙවනුව නායකයින් අතර , දෙපාර්ශ්වය සාකච්ඡා කර තෝරාගන්නා මාධ්‍ය නාලිකාවක සහ විවාදය සඳහා ස්වාධීන මැදිහත් පාර්ශ්වයක් මේ කොන්දේසි තුනම උල්ලංඝනය වෙලා තිබෙනවා. නැවත ආර්ථික කමිටු හෝ නායකයින් දෙපළ අතර විවාදයක් පැවැත්වුවොත් ඒ සඳහා සහභාගි වෙන්න සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදානම්. නමුත් මේ කොන්දේසි මත තමයි සහභාගි වෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහත්තයාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අවසානයේ අපහසුතාවයට පත් වුනේ අනුර කුමාර දිසානායක. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර දේශපාලන ඩීල් එකක් තිබුණ බව කතා වුණා දැන් ඒ කතාව සනාථ වෙලා තිබෙනවා. අනුර කුමාර සහ රාජපක්ෂවරු අතර ඩීල් එකක් තිබෙනවා කියලා 2005 ජනාධිපතිවරණයේ දී තහවුරු වුණා. මොවුන් අතර විවිධ අවස්ථාවල දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණා. අද වනවිට සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු 3 නම එකතුවෙලා කඳවුරු බඳිමන් පවතිනවා. ‘‘ යැයි මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,964
Previous Post

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට – ජනපති

Next Post

මෙරට දුම්කොළ සඳහා “පේන්පැකේඡ්” ක්‍රමවේදයට යා යුතුයි – ඇමැති රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට දුම්කොළ සඳහා “පේන්පැකේඡ්” ක්‍රමවේදයට යා යුතුයි – ඇමැති රමේෂ්

මෙරට දුම්කොළ සඳහා “පේන්පැකේඡ්” ක්‍රමවේදයට යා යුතුයි - ඇමැති රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved