27 April 2024
#දේශීය

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා සඳහා අයදුම්පත් කැදවේ – අධ්‍යාපන අමාත්‍යංශය

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම එලැඹෙන 04 දින සිට ආරම්භ කරනු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව 2023.08.07 දින දක්වා අයදුම්පත් යොමු කළ හැකි වනු ඇත.

මේ සඳහා අයදුම්පත් යොමු කල හැකිවන්නේ 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් පමණක් වනු ඇත.

අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර එම වෙබ් අඩවියට පිවිස පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා 070-3555970-79 දක්වා දුරකථන අංක අමතන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කර සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *