• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීමාවාසික වෛද්‍යවරුන් 1401 ට පත්වීම් ප්‍රදානය කරයි

25 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සීමාවාසික වෛද්‍යවරුන් 1401 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී අද (25) සිදු කෙරිණි.

විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මෙම නිලධාරීන් දිවයින පුරා රෝහල් 64 කට අනුයුක්ත කිරීමට නියමිතය.

නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කෙරුණු අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට අනෙකුත් පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සූම් තාක්ෂණයෙන් එක්ව සිටියහ.

මේ වසරේ ජූනි මාසයේදී තවත් සීමාවාසික පත්වීම් 318 ක් ලබා දුන් අතර ඒ අනුව මෙම වසර තුළ එවැනි පත්වීම් 1719 ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අද ලබා දුන් පත්වීම් අතර 1066 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය සිසුන් වන අතර 335 දෙනෙකු විදෙස් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇත.

වසරක සීමා වාසික පුහුණුව සාර්ථකව නිමකෙරෙන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියකට ලක් කෙරෙන අතර අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔවුනට පවතී.

මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1505 දෙනෙකු සඳහා වෛද්‍ය නිලධාරී පත්වීම් ලබාදීම පසුගිය 22 දා සිදු කෙරුණු අතර එම වෛද්‍යවරුන් දිවයිනේ ග්‍රාමීය හා පර්යන්ත රෝහල් කරා අනුයුක්ත කෙරිණි.

මේ වන විට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ 22000 ක පමණ වෛද්‍යවරුන් පිරිසක් සිටින අතර සෑම වසරකම 1900-2000 ත් අතර වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වේ. එමෙන්ම වසරකට 500 ට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් විශ්‍රාම ගැනීම හෝ විදෙස්ගත වීම සිදු වේ.

වෛද්‍ය වෘත්තිය යනු ලොව ඉතා ශ්‍රේෂඨ වෘත්තියක් බවත් ඒ තුළ විඳ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළින් පැවතිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශ්වවිද්‍යාල කරා ඇතුළුවන අනෙකුත් සිසුනට වඩා වෛද්‍ය සිසුනට විශාල කැපකිරිමක් සිදු කිරීමට සිදුවන බවද සංකීර්ණ විෂය ධාරාවකට හා ප්‍රායෝගික පුහුණුවකට වෛද්‍ය සිසුවා මුහුණ දීම අතිශය අභියෝගාත්මක ක්‍රියාවලියක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වෛද්‍ය ශිෂ්‍ය වකවානුවේ මෙන්ම වෛද්‍යවරයෙකු වීමෙන් පසුවද ඉහළ මානසික ඒකාග්‍රතාවයක් නිරන්තරයෙන් තබාගැනීමේ අභියෝගයටද ඔවුන්ට මුහුණ දීමට සිදු වන බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිහ, ළමා රෝග පිළිබඳ මහාචාර්ය නාරද වර්ණසූරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය ජී.විජේසූරිය, වෛද්‍ය සුදත් ධර්මරත්න,වෛද්‍ය හේමන්ත හේරත්, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ඩිලන්ත ධර්මගුණවර්ධන, වෛද්‍ය අයන්ති කරුණාරත්න යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

අලි වැට සඳහා විදුලිය සැපයීමට අඩු වියදම් දේශීය නිපැයුමක්

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායි ආයතනයක් බවට පත්කල යුතුයි – ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායි ආයතනයක් බවට පත්කල යුතුයි - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved