27 April 2024
#දේශීය

දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායි ආයතනයක් බවට පත්කල යුතුයි – ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා

දුම්රිය දොපර්තමේන්තුව මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම ලාභදායී ආයතනයක් බවට පත් කර ගැනීම තමයි වත්මන් රජයේ අරමුණ බව ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චචි මහත්මිය පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන මානව සම්පත් සහ භෞතික සම්පත් අති විශාල බවත් අප කල යුත්තේ මේ සියළු සම්පත් ඒ්කරාශි කරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභදායී ආයතනයන් බවට පත් කර ගැනීම බව අමාත්‍යවරිය පැවසිය..

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගිය 23 වනදා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ එක්දින වැඩමුළුවකදී ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සහ මධ්‍යම ශ්‍රේණිවල නිළධාරින් 45 දෙනෙකු මෙම එක්දින වැඩමුළුවට සහභාගී වු අතර, වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව 2023 වසර වන විට ආකර්ශණීය සහ ලාභදායී දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමයි.

මෙම ආදායම් තත්වය ඉහල නැංවීම පිළිබදව සැලසුම් සකස් කිරිමේදි ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එනම් , කාර්යක්ෂම හා ආකර්ෂණීය සේවාවක් ලබාදීම තුළින් ජනතාව වැඩි වශයෙන් දුම්රිය පරිහරණයට පෙළඹවීම, භාණ්ඩ ප්‍රවාහනය 60% කින් වැඩි කිරිම, දෙපාර්තමේන්තුව සතු වාණිජමය වටිනාකමකින් යුතු ඉඩම් සහ දේපල වලින් දැනට ලැබෙන ආදායම් 60%කින් වැඩි කිරිම සහ දුම්රිය සේවාව පුළුල් කිරීමෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම වේ.

මෙම එක්දින වැඩමුළුවෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ප්‍රවාහ අමාත්‍යාංශයේ නිළධාරීන් විසින් මෙම වැඩපිළිවෙල සම්බන්ධව නව යෝජනාවලියක් සහ නිර්දේශ පත්‍රිකාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාර දී ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා ද ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාද සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *