අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ පත් කිරීම් සදහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
ඒ අනුව, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී.එල්.ඒ .ජේ ධර්මකීර්ති මහතාගේ පත්කිරීමට ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී.එච්.සී රත්නායක මහතාගේ පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්.එච්. රංජිත් සේපාල මහතාගේ පත් කිරීමටද ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා මහතාගේ පත්කිරීමටද ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතාගේ පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.