27 April 2024
#සංවර්ධන

මාතලේ ලොකු ලුනු ගොවින්ට සහනයක් – මාතලේ දිස්ත්‍රික් ලේකම් ‌තේජානි

අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ හානියට පත් ලොකු ළූණු වගාකරුවන්ගේ වගා හානි සම්බන්ධයෙන් අදාල ආයතන සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් ලේකම් ‌තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

සූම් තාක්ෂණය ඔස්සේ අද (22) පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී දිසාපතිවරිය මෙම අදහස් පළකළේය.

විශාල වියදමක් දරා සිදුකරන ලද වගාවන් අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් විනාශ වී ඇති බැවින් ඉදිරියේදී ගොවීන් මෙම කර්මාන්තයේ රදවා තබා ගැනීමට ඔවුන්ට සහනයක් සැලසිය යුතුබවද දිස්ත්‍රික් ලේකම් වරිය මෙහිදී පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වු දිසාපතිවරිය කියා සිටියේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සදහා ආනනය ආදේශන භෝග වගාවන් කෙරෙහි ගොවීන් දිරිමත් කිරීමට කටයුතු කරන බවත් විශේෂයෙන් ලොකු ලූණු, බඩ ඉරිගු, මුං ආදිය ආනනය කිරීම සදහා විශාල විදේශ විනිමය වාර්ෂිකව වැය කරන බැවින් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් එම නිෂ්පාදන කෙරෙහි දිරිමත් කිරීමට පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම් වරිය වැඩිදුරටත් පැවැසීය.

ඉදිරියේදී මෙම වගාවන් සදහා අවශ්‍ය බීජ, පොහොර, දිලීර නාශක , කෘෂි රසායන ආදිය යෙදවුම් අවශ්‍යතා කල් වෙලා ඇතිව ලබාදෙන ලෙසත් ඒවා අදාල ආයතන සමග සාකච්ඡා කොට කලට වේලාවට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පැවැසීය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම සදහා මාත‌ලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, දිස්ත්‍රික්ගොවිජන සේවා නියෝජ්‍ය කොසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වුහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *