අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති ‘ආනොල්ඩ් ස්පොට්ස් ෆෙස්ට්වල් 2026’ (Arnold Sports Festival 2026) ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීණ සවි එසවීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. කිලෝග්‍රෑම් 120 ප්‍රෝ අංශය යටතේ තරග වැදුණු ඔහු, එහිදී ඩෙඩ් ලිෆ්ට් (Deadlift) ඉසව්වෙන් කිලෝග්‍රෑම් 320ක බරක් ඔසවමින් සිය උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය.
37 වන වරටත් සංවිධානය කෙරුණු මෙම සුප්‍රසිද්ධ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ලොව දක්ෂතම සවි එසවීමේ ක්‍රීඩකයන් රැසක් සහභාගී වූ මෙම තරගාවලියේදී රන්සිළු ලැබූ ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර තරගාවලි රැසකදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් රන්සිළු ජයතිලක, මෙම ජයග්‍රහණය හරහා සිය ක්‍රීඩා දිවියේ තවත් ඉහළම ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.














