2011 වසරේදී අතිශය ආන්දෝලනයට ලක්වූ නිශ්චල දේපල නියෝජිත ඇෂ්ලි ඕක්ලන්ඩ්ගේ (Ashley Okland) ඝාතනය සම්බන්ධයෙන් වසර 15කට පසු 53 හැවිරිදි ක්‍රිස්ටින් රම්සේ (Kristin Ramsey) නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ වෙස්ට් ඩෙස් මොයින්ස් (West Des Moines) පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේ වන විට ඩලස් ප්‍රාන්ත බන්ධනාගාරයේ රඳවා සිටී. ඇයට එරෙහිව පළමු පෙළ මිනීමැරුම් චෝදනා එල්ල කර ඇති අතර ඇප මුදල ඩොලර් මිලියන 2ක් ලෙස නියම කර ඇත
2011 වසරේදී 27 හැවිරිදි ඇෂ්ලි ඕක්ලන්ඩ් නිවසක් පෙන්වීමට සූදානම්ව සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබූ අතර වසර ගණනාවක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ මෙම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රිස්ටින් රම්සේ අත්අඩංගුවට පත්වීම විශේෂත්වයකි
සැකකාරිය බන්ධනාගාර නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ වසර ගණනාවකට පසු ඇයව හඳුනා ගැනීමට හැකි වූයේ නවීන විමර්ශන ක්‍රමවේද හරහා බවයි
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇෂ්ලිගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ වසර ගණනාවකට පසු යුක්තිය ඉටු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි













