මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ඔත්තු සැපයූ පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස කඳින් වෙන් කර, සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ ම්ලේච්ඡ කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැලසුම පසුපස සිටින්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින “අංගොඩ ප්‍රියන්ත” නැමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම පලිගැනීමේ සැලසුමට මුල් වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 12 වනදා කිරින්ද වෙරළ තීරයේදී සිදු කළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමකි. එහිදී රුපියල් බිලියන ගණනක් වටිනා “අයිස්” (Crystal Meth) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් අත්අඩංගුවට ගැනීමට ASP රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් හැකි විය. මෙම වැටලීම සඳහා තොරතුරු සැපයූ පුද්ගලයා පිළිබඳව කෝපයට පත් ජාවාරම්කරු, ඔත්තුකරු ඝාතනය කර ඔහුගේ හිස ASP ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තබා පොලිස් නිලධාරීන් භීතියට පත් කිරීමට මෙම බිහිසුණු කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.
තමන් ඝාතනය කිරීමට පාතාල කණ්ඩායම් ලුහුබඳින බව දැනගත් තොරතුරුකරු සිය නිවසින් පවා පලා ගොස් සැඟව සිට ඇත. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාට ලැබුණු විශේෂ තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ කුලී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මෙම සියලු තොරතුරු පාපොච්චාරණය කර තිබේ.














