• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතික වනවා – ඇමති ජිවන්

25 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා “නාම් 200” (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවේ සිටද ආරධිතයින් පිරිසක් මේ සඳහා පැමිණීමට නියමිතයි. මෙහිදී කඳුකර ජනතාව ජාතියට සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරෙනවා. ඒ වගේම කඳුකර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම අරමුණු කරගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක සක්‍රීයව නියැලී සිටිනවා. පුළුල් පරාසයක පැතිර පවතින ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය තුළ වතුකරයට විශේෂිත වූ කමිටු හතක් ඇතුළත් ප්‍රඥප්තියක් ද හඳුන්වාදී තිබෙනවා. මෙම කමිටු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහ ළමුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අදාළ ප්‍රඥප්තිය මගින් සියලු අමාත්‍යාංශ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් සපයනවා. එමඟින් කඳුකර ප්‍රජාවගේ සුවිශේෂී ගැටළු විසඳීමට සහ ඔවුන් පසුවන වතුකරයේ හුදකලාව බිඳ දමමින් එම ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට නැවත ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද නියමිතයි. ඒ වගේම මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ සිදු වූ ජල ගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා ද තරයේ ප්‍රතික්ෂේප කරනවා. සැබැවින්ම මෙම ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ වන්නේ සමාජයේ අවදානමට ලක්විය හැකි, සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයි. විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැහැ. ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව වතු ප්‍රජාව සමඟ පමණක් නොව, සියලුම ග්‍රාමීය ප්‍රදේශවලට ද තම සේවාවන් ව්‍යාප්ත කරමින් 5000ක් පමණ වන ප්‍රජා මූලික සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බැවින් ඔවුන්ට ද මෙම මිල සූත්‍රයෙන් බලපෑමක් නැහැ ” යැයි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

විදුලි බිල වහා අඩු කල යුතුයි .. වැඩි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැහැ -පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත

Next Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved