27 April 2024
#දේශීය

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් ,ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාව ඊයේ (24) කොළඹදී හමුවිය.

කොළඹ පිහිටි සිය කාර්යාලය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක ද නිරත විය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *