• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

9 March 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් වන යුනිටි ප්ලාසා හි මෙම නවතම ASUS අලෙවි මධ්‍යස්ථානය පිහිටා ඇත. එමගින් ASUS ZenBook මාලාව, VivoBook මාලාව ඇතුළු පුළුල් පරාසයක ඉලෙක්ට්‍රොනික උපකරණ, පරිගණක දෘඩාංග Gaming series, ඇතුළුව වාණිජ පදනමින්, ව්‍යවසාය සහ ආයතනික ගනුදෙනුකරුවන් වශයෙන් නිෂ්පාදන ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ.

 

ASUS Sri Lanka සමාගමේ මෙරට අලෙවි විධායක ඉෂ්කි ඉර්ෂාර්ඩ් සහ Unity Systems Solutions හි අධ්‍යක්ෂ සහ හිමිකරු වන වසන්ත දිනුවන් විසින් පෙබරවාරි 23 වන දා වෙළඳ සැල විවෘත කරන ලද අතර එහිදී ASUS හි නවතම නිෂ්පාදන පෙළ ප්‍රදර්ශණය කරන ලදී. මෙහිදී දිනුවන් මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “රට තුළ ඉහළ ඉල්ලුමක් ඇති සන්නාමයක් වෙනුවෙන් ප්‍රථම වරට විශේෂ වෙළඳ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සත්කාරකත්වය දැක්වීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින්ම සතුටු වනවා. ASUS Millenials සහ Gen Z සඳහා විශේෂයෙන්ම Personal laptop සහ gaming laptop වශයෙන් විශේෂ ඉල්ලුමක් පවතිනවා. වෙළඳ නාමය සඳහා වූ විවිධාංගිකරණයකින් යුතු ඉල්ලුම සඳහා එකම ස්ථානයකින් විසඳුම් ලබා දීමට හැකි වීම පිළිබඳව අප නිහතමානිව ආඩම්බර වනවා.”

 

මෙහිදී අදහස් දැක්වූ ASUS Sri Lanka සමාගමේ මෙරට අලෙවි විධායක ඉෂ්කි ඉර්ෂාර්ඩ් මහතා “ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර ‘ASUS’ සන්නාමයක් ලෙස ස්ථාපිත වී තිබෙනවා. විශේෂයෙන්ම අපගේ නිෂ්පාදන විශාල වශයෙන් ජනප්‍රිය වීම සහ ඒ සඳහා වන ඉල්ලුම ඉහළ මට්ටමකට පැමිණීම මෙලෙස විශේෂ අලෙවි මධ්‍යස්ථානයක් පිහිටු වීමට හේතු සාධක වුණා. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අප සතුටට පත්වන අතර දිවයින පුරා තවත් වෙළඳසැල් දියත් කරමින් අපගේ ප්‍රවේශය පුළුල් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් සහ සහයෝගයක් ලබා දීමට නිරතුරුවම කැපවී සිටිනවා. අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වෙළඳාම එලෙසම තබා අලෙවි මධ්‍යස්ථානයක් තුළ සිදු කෙරෙන වෙළඳාම පිළිබඳව අවධානය යොමු කිරීමේදී එහි ඇති සුවිශේෂී බව වටහා ගත හැකි වනවා. ඒ භෞතික පරිශ්‍රයන් තුළදී පාරිභෝගිකයින්ට ඩිජිටල් විකල්පයක් ලබා දිය නොහැකි අමතක නොවන, උපායශීලී හා සංවේදී අත්දැකීමක් ලබා දිය හැකි වන නිසා. වෙළඳ නාමයක් ලෙස අපගේ අරමුණ පාරිභෝගිකයින් වෙත ගෙන යාම සඳහා අපගේ අලෙවි මධ්‍යස්ථාන වඩාත් දියුණු උසස් තලයකට ගෙන එන අතර රට පුරා තවත් ASUS විශේෂිත අලෙවි මධ්‍යස්ථාන විවෘත කිරීමට බලාපොරොත්තුවනවා.”

 

ASUS සමාගම notebooks, netbooks, motherboards, graphics cards, routers, network switches, සහ ආශ්‍රිත උපාංග ඇතුළු නිෂ්පාදන වල නව්‍යකරණය සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීම පිළිබඳව ඉහළ කීර්තියක් උසුලයි. එලෙසම පෞර්ෂවත් තාරුණ්‍යයේ විලාසිතාවන්ගෙන් හැඩ වූ compact portability, precision craftsmanship, uncompromising performance, product versatility ආදී විශේෂාංග වලින් සමන්විත මෙන්ම නව්‍යකරණ විසඳුම් අතින් උසස්ම මට්ටමක පවතින ASUS සන්නාමය කෙරෙහි තරුණ පරම්පරාව සුවිශේෂී කැමැත්තක් දක්වති.

 

ASUS සහ එහි නිෂ්පාදන පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර www.asus.com/lk වෙත පිවිසෙන්න.

 

ASUS

ASUS යනු ලොව සුප්‍රකට බහුජාතික සමාගමක් වන අතර ලෝකයේ හොඳම motherboards, PCs, monitors, graphics cards and routers, නිර්මාණය කිරීම සම්බන්ධයෙන් කීර්තියක් උසුලමින් වඩාත්ම ප්‍රශංසනීය නවෝත්පාදන ප්‍රමුඛ කරගත් තාක්ෂණික ව්‍යවසායක් ලෙස කටයුතු කරයි. සෑම කෙනෙකුටම වඩාත්ම පුළුල්, බුද්ධිමත්, හෘදයාංගම හා ප්‍රීතිමත් ස්මාර්ට් ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා ASUS, නවීනතම සැලසුම් සහ නව්‍යකරණයන් තුළින් කර්මාන්තය ඉදිරියට මෙහෙයවනු ලබන්නේ 5,000 කට අධික පර්යේෂණ හා සංවර්ධන වෘත්තිකයන් ඇතුළත් ගෝලීය ශ්‍රම බලකායක ශක්තියද සමඟිනි.In Search of Incredible මගින් ASUS සන්නාම ඇදහිය නොහැකි තරමේ සෙවීම් ප්‍රමාණයක් හිමිකර ගනිමින් 2019 වසරේ සෑම දිනකම පාහේ ගෞරවනීය සම්මාන 11 කට වඩා දිනා ඇති අතර Forbes සඟරාව මගින් ලොව ගෞරවනීයම සමාගම් 2000න් එකක් ලෙස නම් කර තිබේ. එසේම Thomson Reuters මගින් ගෝලීය තාක්ෂණ නායකයින් 100 දෙනා අතරටත් Fortune සඟරාව මගින් ලොව වඩාත් ගෞරවනීයම සමාගම් අතරටත් ASUS නම් කර ඇත.

 

 

Post Views: 2
Previous Post

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

Next Post

සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

editor

editor

Next Post

සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ නොමිලේ විදුලි සම්බන්ධතා ලබා දෙනවා - රාජ්‍ය ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved